අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ට වසර හයක සිර දඬුවම් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත්කර ඇති අභියාචනා ඉල්ලීම සලකා බැලීම ලබන 28 වනදා සිදුකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(20) නියම කර තිබේ.
එම අයදුම්පත ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද කැඳවනු ලැබුවේය. එහිදී විනිසුරුවරු නියම කළේ අදාළ අභියාචනා ඉල්ලීම ලබන 28 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන බවයි.
The post ඥානසාර හිමිගේ අභියාචනය සලකා බලන්න දින දෙයි. appeared first on Lanka News Column.
0 Comments