Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු නෙට්බෝල් ශූරියන්ට තේ මණ්ඩලයෙන් ලක්ෂ 50ක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

සිංගප්පූරුවේ පැවැති ආසියානු නෙට්බෝල් ශූරතාවලියේදී කිරුළ පැළැදි ශ්‍රී ලංකා නෙට්බෝල් පිලට වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා තේ මණ්ඩලය රුපියල් ලක්ෂ 50ක අනුග්‍රහයක් පිරිනමයි.

ලෝක නෙට්බෝල් ශූරතාවලිය ලබන වසරේ එංගලන්තයේ වේල්ස් හී පැවැත්වෙන අතර එයට පෙර ශ්‍රී ලංකා පිලේ පුහුණු සැලැස්ම, විදෙස් සංචාර සහ අනෙකුත් අවශ්‍යතා පිළිබඳ පුහුණුකාරිනිය ඉදිරිපත් කරන සැලැස්ම මත එම මුදල් නිදහස් කරන බව ඊයේ කොළඹ තේ මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවැසීය.

ආසියානු නෙට්බෝල් ශූරතාවලිය උදෙසා ශ්‍රී ලංකා පිල සිංගප්පූරුව බලා පිටත් වීමේදී ශ්‍රී ලංකා තේ මණ්ඩලය සුළු අනුග්‍රහයක් ලබාදුන්නද එයින් පසු ආසියානු ශූරතාව දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීම හේතුකොට මේ පූර්ණ අනුග්‍රහය පිරිනැමීමට කටයුතු කළ බව ඇමැතිවරයා සඳහන් කළේය.

“සාමාන්‍යයෙන් ක්‍රීඩා කණ්ඩායමක් ජයග්‍රහණයෙන් පසු බෙර ගහන්න මල්මාලා දාන්න ඕන තරම් අය ඉන්නවා. අද ක්‍රිකට් කණ්ඩායමට වෙලා තියෙන්න දේ බලන්න. මා ක්‍රීඩා ඇමැතිව සිටියදී නෙට්බෝල් සම්මේලනය සමග බොහෝ අවබෝධයෙන් කටයුතු කළා. ඒ කාලයේදීත් මා දැක්කා ක්‍රීඩිකාවන්ගේ හැකියාවන්. මා විශ්වාස කරනවා ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම් 16 අතුරින් හොඳම කණ්ඩායම් 10 අතරටශ්‍රී ලංකා පිල පැමිණෙයි කියා. මේකට වැදගත් වන්නේ කළමනාකාරිත්වය ලබාදන නායකත්වය හා ක්‍රීඩිකාවන්ගේ එකමුතු භාවයයි.” ඇමැතිවරයා පැවැසීය.

වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ පසුබැසීම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවැසුවේ මේ පසුබැසීම පිළිබඳව විද්‍යානුකූලව බැලිය යුතු බවයි.

“මා ක්‍රීඩා ඇමැතිව සිටියදී ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කළා. ඒකට විවිධ අය මට විවේචන ඉදිරිපත් කළා. මාධ්‍යයෙනුත් බැන්නා. දායසිරි ඇමැතිතුමා ඇවිත් ඡන්දයකට ගියා. දැන් ඉන්න ක්‍රීඩා ඇමැති නිසි බලධාරියෙක් පත්කොට වෙනම අදිකාරියක් හදලා. මේක ක්‍රම 3ක්. මා සිටියදී අයි.සී.සී එකෙන් අවුරුදු එකහාමරක කාලයක් ඉල්ල ගත්තා මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. නමුත් ඒකට අවස්ථාවක් ලැබුනේ නැහැ. දැන් කළ යුත්තේ සියලු පාර්ශව එක්ව ක්‍රිකට් වෙනුවෙන් විදිමත් වැඩ පිළිවෙළක් ඇති කිරීමයි. එහෙම නැතුවුනොත් තව මාස කිහිපයකින් තියෙන ලෝක කුසලානය අපිට දිනන්න වෙන්නේ නැහැ. වැදගත්ම දේ ඇමැතිවරු ක්‍රීඩාවට අනිසි බලපෑම් ඇති නොකර නොසිටීමයි.” ඇමැතිවරයා කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();