Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉරාකය හමුවේ පරාජයවූ ශ්‍රී ලංකාවට එක-දෙක බලාපොරොත්තු අත්හැරෙයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේ ඊයේ පැවැති අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව වට 3-1කින් ඉරාකය හමුවේ පරාජයට පත්වෙයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ශූරතාව හෝ අනු ශූරතාව පිළිබඳ බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුවූ අතර තුන්වැනි හෝ හතරවැනි ස්ථාන දිනා ගැනීමේ සටනට පිවිස සිටී. බංග්ලාදේශය හා සෞදි අරාබියාව අතර තරගයේ පරාජිතයින් තුන්වැනි හෝ හතරවැනි ස්ථාන තීරණය කෙරෙන එම සටනට ශ්‍රී ලංකාව සමග අද පිවිසේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව මේ තරගාවලියේ අංක එක හෝ දෙක ස්ථාන ලබා ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ආසියානු වොලිබෝල් ශූරතාවලියට උසස්වීම කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු ඉවත ගියේය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති ශ්‍රී ලංකා - ඉරාක තරගයේ පළමු වටයේදී ශ්‍රී ලංකාව 25-22ක් ලෙස ජයග්‍රහණය කළද අනෙක් වට තුන පිට පිට ඉරාකය ජය ගත්තේය. එම වට තුනේදී ලකුණු තත්ත්වය වූයේ 24- 26, 20- 25 හා 20- 25ක් ලෙසිනි.

ඊයේ උදෑසන පැවැති හොංකොං හා මොන්ගෝලියාව අතර තරගයෙන් වට 3-2ක ජයක් හොංකොං පිලට හිමිවූ අතර මෙහි දෙවැනි හා තෙවැනි වට දෙක පිට පිට ජය ලැබීමට මොන්ගෝලියාව සමත්වුවද, හොංකොං පිල එම අභියෝගයට සාර්ථකව මුහුණදී ලකුණු 21-25, 25-20, 26-24, 17-25 හා 10-15ක් ලෙස තරගය ජයග්‍රහණය කළේය.

පළමු ආසියානු අභියෝගීතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලිය අද අවසන් වන අතර පළමු හා දෙවැනි ස්ථානවලට පත්වන රටවල් දෙක ආසියානු කුසලාන තරගාවලියට උසස් වේ. මෙම තරගාවලියට ‘ඒ’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, මැලේසියාව, හොං කොං, කසකස්තානය හා ‘බී’ කාණ්ඩයෙන් මොන්ගෝලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, ඉරාකය යන රටවල් එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();