Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස් ගාස්තු වැඩි කරන්න විතරක් ආයතනයක් මොකටද?

 Bus_Association
 
මෙම මස 20 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තුව 4%කින් ඉහළ දැමීමට ගෙන ඇති තීරණයට විරෝධය පල කරන බව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය සහ ශ‍්‍රී ලංකා පාරිභෝගික ජාලය ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් සන්දන්කර සිටියි. පසුගිය 19 වැනිදා කොළඹදී පවත්වන ලද එම මාධ්‍ය හමුවේදී ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ බස් ගාස්තු වැඩි කිරීමට පමණක් ක්‍රියාත්මක වන ආයතන පද්ධතියක් මෙරටට අවශ්‍ය නොවන බවත් බස් රථ හිමියන් පිළිබඳව මෙන්ම බස් මගී ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන්ද එම ආයතන ක්‍රියාකළ යුතු  බවයි.
එහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත,
බස් රථ කර්මාන්තය මගී ප්‍රවාහන සේවාවක් උවත් ලංකාව තුල මෙය සේවාවකට එහා ගොස් මාෆියාවක් බවට පත්වී ඇති බවයි. බස් හිමියන්ගේ සංගම් කිහිපයක අවශ්‍යතාවය මත පමණක් විටින් විට අවස්ථා කිහිපයකදීම ගාස්තු ඉහල දැමීමට බස් සේවය නියාමනය සඳහා පිහිටවා ඇති රාජ්‍ය ආයතන ඒක පාර්ශිකව ක්‍රියා කර ඇති බව ප්‍රකාශ කළේය. මගී ජනතාව, රජය සහ රාජ්‍ය ආයතන පිළිබඳව විශ්වාසය තබා සිටියද එම ආයතන ජනතා විශ්වාසය බිඳවැටෙන ආකාරයෙන් කටයුතු කරන බවත් මේ වනවිට බස් රථ සංගම්වලට අවශ්‍ය ආකාරයට මගීන් සූරා කෑමට අවශ්‍ය පරිසරය අදාළ නියාමන ආයතන විසින් සකසාදී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ ලේකම් ගැමුණු පරණවිතාන,
මිට පෙර අවස්ථා රැසකදීම බස් රථ සේවය තුල පවත්නා ගැටළු පිලිබඳ මෙම සංගමය මගින් දැනුවත්කල නමුත් ඒ සඳහා ප්‍රමාණවත්, සාධනීය ප්‍රතිපල නොලැබුණු බව සඳහන් කළේය. බස් ගාස්තු වැඩිකිරීම ඇතුළු මෙම සේවයේ ගැටළු විසඳීම සඳහා ප්‍රවාහන බලධාරීන්, බස් රථ හිමියන් සහ බස් මගීන් යන දෙපාර්ශවය පිළිබඳවම සිතා ක්‍රියා කලයුතු බවත් ඒක පාර්ශිකව කටයුතු නොකර මධ්‍යස්තව කටයුතු කිරීමෙන් පමණක් මෙම ගැටළු සාර්ථකව විසඳිය හැකි බව ඔහු අවදාරණය කළේය.
එහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා පාරිභෝගික ජාලයේ කැඳවුම්කරු අසංක ධර්මශ්‍රි,
මේ වනවිට ගෑස් මිල රුපියල් 195කින් වැඩි කිරීමට රජය කටයුතු කර ඇති බවත් එය ලංකාවේ පාරිභෝගිකයාට විශාල වශයෙන් දැනෙන බව සඳහන් කළේය. ගෙදර මුළුතැන්ගෙයට මෙන්ම ආපන ශාලාවල කෑම වේල පවා මෙමගින් වැඩිවන බැවින් නිවසේ ජිවන වියදම මෙමගින් තව දුරටත් වැඩිවීම තුල ජනතාවට අනවශ්‍ය ආකාරයේ පීඩනයක් එල්ලවන බව ඔහු සඳහන් කළේය. එසේම රජය සමාගම් පිලිබඳ පමණක් සිත කටයුතු කර පාරිභෝගිකයා අමතක කිරීම තුලින් බස් ගාස්තු වැඩි කිරීම මෙන්ම පාරිභෝගික භාණ්ඩ දිනෙන් දින ඉහල යෑමෙන් ජනතාව පීඩනයට ලක්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අත්තනෝමතික ක්‍රියාකාරකම් තුලින් මගී ජනතාව ඇතුළු පාරිභෝගික ජනතා තව දුරටත් පිඩනයට ලක්නොකර ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන ලෙස ඔවුන් රජයට බල කරන බව මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේය.

The post බස් ගාස්තු වැඩි කරන්න විතරක් ආයතනයක් මොකටද? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();