Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස්පතිට එරෙහි චෝදනා ගැන අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක්.

IGP _Pujith _Jayasundara

පොලිස්පතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව නීතිය හා සාමය බාර නියෝජ්‍ය නලීන් බණ්ඩාර සඳහන් කර සිටී. මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය බාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම්දීමක් කර ඇති බව ද ඔහු සඳහන් කරයි.

මේ අතර, පොලිස්පති පූජිත් ජයසුන්දර ට සති දෙකක කාලයක් තුළ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන ලෙස අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා විසින් කිසිදු දැනුම් දීමක් නොකළ බව ද නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසා සිටී. අද(20) උදෑසන පාර්ලිමේන්තුවේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනකහේරත්  විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමක දී එයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ, අග්‍රමාත්‍ය කාර්යාල විසින් මෙවැනි දැනුම් දීමක් කළ බවට සිදුකරන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බවයි. ඇතැම් පෞද්ගලික නාලිකාවල පොලිස්පතිවරයාට සති දෙකක කාලයක් තුළ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙන ලෙස පැවසුවත් එවැන්නක් අගමැතිවරයා විසින් සිදු කරන නොමැති බව ද එහි සඳහන් බව පැවසේ.

The post පොලිස්පතිට එරෙහි චෝදනා ගැන අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();