යුද්ධයේ අවසන් සති දෙකේදී හිටපු ජනපති, අගමැති, ආරක්ෂක ලේකම්වරයා මෙන්ම හමුදාපතිවරයා රටේ නොසිටිය බව ජනපති මෛත්රීපාල සිරිසේන පවසා සිටී. ඒ සඳහා හේතුව වි තිබුණේ එල්.ටී.ටී.ඊ.ය කොළඹට ප්රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පිළිබඳව තොරතුරු වාර්තා වීම බවත් ජනාධිපතිවරයා සඳහන් කර සිටී. ජනාධිපතිවරයා මේ බව හෙළිකර ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී ශ්රී ලාංකිකයන් හමුවෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
“යුද්ධයේ අවසන් සති දෙක තුළ සියලු දේ පිළිබඳව කරුණු දන්නා කෙනා මමයි. අවසාන සති දෙකේදී මමයි වැඩ බලපු ආරක්ෂක ඇමති. හිටපු ජනපතිතුමා ලංකාවේ නෑ. හිටපු අගමැතිතුමා නෑ, හමුදාපතිවරයා නෑ, හිටපු ආරක්ෂක ලේකම්වරයා නෑ අවසාන සති දෙකේදී. මේ ගැන හුඟ දෙනෙකුට අමතකයි. ඒ අය රටින් ගියේ ඇයි කියලා හුඟදෙනෙක් දන්නේ නෑ. මම දන්නවා. අවසාන සති දෙකේදී ලැබුණ වාර්තාව තමයි අවසන් සටන පසු බසින්නේ නෑ එල්.ටී.ටී.ඊ.ය දකුණු ඉන්දියාවේ චෙන්නායි හරි කොහේ හරි කැලෑ පැත්තක ඉදලා කොළඹ සම්පූර්ණ විනාශ කරනවා උඩින් බෝම්බ දානවා කියලා තොරතුරු ලැබුණා රජයට. ඒ නිසා තමයි ඒ අය රටින් ගියේ. මේක තමයි ඇත්ත කතාව. අවසන් සති දෙකේදී මම හිටියේ කොළඹ නෙමෙයි. මම හිටියේත් තැන් තැන්වල. මොකද මම ඉන්න තැනත් දැගන්නවා. ඒක තමයි යුද්ධයේ අත්දැකීම” යැයි පැවසීය.
The post යුද්ධයේ අවසන් සති දෙකේ සිදුවූ සියලු දේ ගැන කරුණු දන්නා කෙනා තමන් බව ජනපති කියයි. appeared first on Lanka News Column.
0 Comments