මැති ඇමතිවරුන් සඳහා මිල අධික සුපිරි වාහන ගෙන්වීම අනිවාර්යයෙන්ම නතර කළ යුතු බවත් ලබන වසරේදී ඒ සඳහා ඉඩක් නොලැබෙනු ඇති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසා සිටී. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති ස්පාක් 18 නව නිර්මාණ ප්‍රදර්ශනයේ තුන් වන දිනයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳව රාජකීය විද්‍යාලයේ සිසුන් සමග සංවාදයක ද නිරත විය.
රුපියලේ අගය අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය මංගල සමරවීර එහිදී ප්‍රකාශ කළේ, දැනට ඩොලරයේ අගය රුපියල් 168ත් 169ත් අතර ප්‍රමාණයක ස්ථාවර වෙමින් පවතින බවත් මෙම තත්වය තවත් මාස කිහිපයක් පවතිනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ය. මිල අධික ආනයනික භාණ්ඩ භාවිතය නවතා දමා ටික කලකට දේශීය නිෂ්පාදන භාවිතා කිරීමට හුරුවිය යුතු බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
මෙම තත්වය කවදා යහපත් අතට හැරේවිදැයි කිවනොහැකි බව පැවසූ අමාත්‍යවරයා 26 වනදා තෙල් මිල ඇමරිකානු ඩොලර් 81 දක්වා ඉහළ ගිය බව ද පෙන්වා දුන්නේය. ඉරානය සහ ඇමරිකාව අතර තත්වය වඩාත් අයහපත් අතට හැරුණහොත් තෙල් බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යා හැකි බව CNN සේවය වාර්තා කර තිබුණු බව පැවසූ අමාත්‍යවරයා, ඉන්ධන මිල සූත්‍රය 10 වනදාට ක්‍රියාත්මක වන බවත් සූදානම් වී සිටින ලෙසත් පැවසීය.
The post මැති ඇමතිවරුන්ට ලබන වසරේ සිට සුපිරි වාහන අහිමි වෙයි. appeared first on Lanka News Column.
0 Comments