අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ සභාපතිට අයත් බලපත්‍ර රහිත ගව ඝාතකාගාරයක ගවයින් 26 දෙනෙකු මස් කරමින් සිටි පුද්ගලයින් පිරිසක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
රඹෑව ප්‍රාදේශීය සභාවේ බලය හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ අනු දැනුම මත කලක පටන් මෙම ගව ඝාතකාගාරය බලපත්‍ර ද රහිතව පවත්වාගෙන ගොස් තිබු බව පැවසේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද දින අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ලබන 3වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදිනට සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ එහි ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනීසිට කරුණු දැක්විය යුතු බවටත් නියෝග ලබාදී ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.
The post පොහොට්ටු සභාපතිගේ ගව ඝාතකාගාරයේ හරක් 26ක් මස්කරද්දී හසුවෙයි. appeared first on Lanka News Column.
0 Comments