Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව දිනපතා විභාගයට දින තීන්දු වෙයි.

Gamini_Senarath

2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට  2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා  නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ  මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්  ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝබර් මස 30 දා සිට දිනපතා විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කර ඇති බව වාර්ථා වේ.

එම නඩුව අද(28) සම්පත් අබේකෝන්(සභාපති),සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන   ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබ ඇත.

එහිදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි  අධිකරණයට දන්වා ඇත්තේ පැමිණිල්ල විසින් නඩුවට අදාළ ලේඛන ගණනාවක් ලබා දී තිබුණත් අධි චෝදනා පත්‍රයේ සඳහන් ඇතැම් ලේඛන මේ දක්වා ලබා දී නොමැති බවයි.

එමෙන්ම සාධාරණ නඩු විභාගයක් සඳහා විත්තිවාචකය ගොඩනැගීමට එම ලේඛන විත්තියට අවශ්‍ය බවද ජනාධිපති නීතිඥවරයා දැනුම් දී ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ   සඳහන් කර ඇත්තේ ඉල්ලා සිටින අදාළ ලේඛන දින කිහිපයක් තුළ ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ අනුව විත්තිය වෙත අදාළ ලේඛන ලැබී  තිබේ ද යන්න පිළිබඳව පරික්ෂා කිරීම සඳහා නඩුව නැවත ඔක්තෝම්බර් මස 8 වනදා කැඳවීමට ද නියම කර තිබේ.

මෙම නඩුව ඔක්තෝබර් මස 29 වන දා සිට දිනපතා විභාගයට ගැනීමට නියම කර තිබුණත් එදින තමන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ නඩුවක් සඳහා පෙනී සිටීමට නියමිතව ඇති බැවින් එම නඩු විභාගය 30වනදා  සිට ආරම්භ කිරීමට නියෝග කරන මෙන් විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලී සබ්රි  ඉල්ලීම් කර ඇති අතර  අනතුරුව නඩු විභාගය ඔක්තෝම්බර් මස 30වනදා සිට දිනපතා පැවැත්වීමට පියවර ගන්නා බව සඳහන් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට සාක්ෂි කරුවන් හතර දෙනෙකුට අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි ද නිකුත් කරනු ලැබූ බව සඳහන් වේ.

The post ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව දිනපතා විභාගයට දින තීන්දු වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();