Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විෂ මත්ද්‍රව්‍ය ගැන කෙලින්ම කියන්න

හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් හෙට දින පෙරවරු 06.00සිට ආරම්භ වී නැවත දැනුම් දෙන තුරු පැය 24 පුරාම ක්‍රියාත්මකයි.

ඒ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ඍජු අධීක්ෂණය යටතේය.

පහත දැක්වෙන දුරකථන අංක ඔස්සේ මහජනතාවට කිසිදු අපහසුතාවයකින් තොරව ඔවුන්ගේ අනන්‍යතාවය සුරැකෙන සේ විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු මැදිරිය වෙත ලබා දිය හැකියි.

දුරකථන අංක මෙසේ දැක්වෙයි.

011-3024803
011-3024815
011-3024820
011-3024848
011-3024850

ෆැක්ස් අංකය - 011-2472757

මෙම මැදිරිය අනිද්දා බස්නාහිර උතුර දිසාවේ කැලණිය, ගම්පහ හා මීගමුව පොලිස් කොට්ඨාසවලට අදාළව “කෙලින්ම කියන්න“ ව්‍යාපෘතිය නියමු ව්‍යාපතියක් ලෙස ආරම්භ වීමට නියමිත අතර එහි දෙවන අදියර ලෙස හෙට දින පෙරවරු ආරම්භ වෙයි.

විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා පොලිසිය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();