Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මායාකාරීන්ගේ සූත්‍රය.

Dullas_Alahapperuma

මිල සූත්‍රය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ විමසූ විට එම මිල සූත්‍රය සම්බන්ධයෙන් තොරතුරක් දීමට නොහැකි බව නිල වශයෙන් දන්වා ඇති බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කර සිටී. අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව ප්‍රකාශ කළේය.

මිල සූත්‍රය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරුන් නොදන්නා බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළේ මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවක් මත සිදුවන්නක් බව ඔහු ප්‍රකාශ කළ බවද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම මිල සූත්‍රය කුමක්ද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් තබෙන බවත් මෙය මායාකාරීන්ගේ සූත්‍රයක් දැයි ගැටළුවක් මතුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

2008 වසරේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 140 ක් වූ බවත් වත්මන් ආණ්ඩුව යටතේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 140 ක් දක්වා වැඩි වුවහොත් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 295 ක් වන ඔහු පැවසීය.

මාස පතා ඉන්ධන මිල ඉහළ දමන්නේ නම් ඊට සමාන්තරව රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික සේවයේ වැටුප් වැඩි වන වැටුප් සූත්‍රයක් නිර්මාණය විය යුතු බවද ප්‍රකාශ කළේය.

 

 

The post මායාකාරීන්ගේ සූත්‍රය. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();