Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුහුණුවට නොපැමිණි උපාධිධාරීන්ගේ පත්වීම් අවලංගු කෙරේ.

Graduate

පසුගිය 20 වන දා රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන්ගෙන් මෙතෙක් තම පත්වීම් භාර නොගත් සියලු දෙනාගේ පත්වීම් අවලංගු කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇති බව සඳහන් වේ. එහි අතිරේක ලේකම් අසංග දයාරත්න  සඳහන් කර ඇත්තේ, ලබා දී තිබූ පත්වීම් භාර ගැනීමට දුන් කාලය මීට දින තුනකට පෙර අවසන් වූ බව ය.

කෙසේ වෙතත් සානුකම්පිතව සලකා බලා ඊයේ පස්වරුව දක්වා උපාධිධාරීන්ට ඒ සඳහා අවස්ථාව සලසා දුන් බව ඔහු පවසා ඇත.

පසුගිය 20 වන දා රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා රැකියා විරහිත උපාධිධාරීන් 4100ක් බඳවා ගැනිණි. ඒ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී පැවති සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව ය. රැකියා විරහිත උපාධිධාරීන් අවස්ථා කිහිපයකදීම රජයට බල කළේ, තමන්ට කඩිනමින් රාජ්‍ය සේවයේ රැකියා ලබා දෙන ලෙස ය.

අතිරේක ලේකම්වරයා පැවසුවේ, අවලංගු කළ පත්වීම් සඳහා සුදුස්සන් බඳවා ගැනීමට යළිත් වරක් සම්මුඛ පරීක්ෂණ පවත්වන බව ය.

 

The post පුහුණුවට නොපැමිණි උපාධිධාරීන්ගේ පත්වීම් අවලංගු කෙරේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();