Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමෙරිකාව පලස්තීන සරණාගතයින්ට ලබා දෙන ආධාර අත්හිටුවයි.

american_flag

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ආයතනයට ලබා දෙන සියලු ආධාර කපා හැරීමට ඇමෙරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

අන්රා නමින් හඳුන්වන මෙම ආයතනය පලස්තීන සරණාගතයින් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇති විශාලතම සරණාගත ආයතනය බවත්  1949 වසරේ දෙසැම්බර් 8 වන දා ස්ථාපිත කරන ලද එහි ලියාපදිංචිය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5ක් බවත් සඳහන් වේ.

ඇමෙරිකාව පවසා ඇත්තේ, අන්රා සරණාගත ආයතනය වෙනුවෙන් ලබා දෙන ආධාරවලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ජනවාරි මාසයේ සිට නතර කරන බව ය. එය පලස්තීන ජනතාවට එරෙහි ප්‍රබල ප්‍රහාරයක් බව ඊට ප්‍රතිචාර දක්වමින් පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් සඳහන් කර තිබේ.

The post ඇමෙරිකාව පලස්තීන සරණාගතයින්ට ලබා දෙන ආධාර අත්හිටුවයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();