Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිල අද සිට පහළට.

 Minister_Rajitha_01
ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක්තෝරා ගත් ඖෂධ නිෂ්පාදන 13 ක සහ වෛද්‍ය උපකරණ 02 ක මිල නියාමනය සැප්තැම්බර් 01 (අද) සිට ක්‍රියාත්මක බව සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයිපේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක ටෙන්ඩර් මිල පාලනයකට ලක්කර තිබේතෝරා ගත් ඖෂධ වර්ග 13 ක උපරිම සිල්ලර මිල නියාමනය කර ඇති අතර දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලුකෝස්මාපක සහ රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු යන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙලෙස නියාමනය කර ඇතතෝරා ගත් ඖෂධ වර්ග 13 තුල ජිවිතාරක්ෂක ප්‍රතිජීවකස්නායුගත රෝග ඖෂධ, ඉන්සියුලින් ඇතුලු දියවැඩියා ඖෂධ, ඇදුම රෝගය සදහා භාවිත කරන ඖෂධ, ස්නායු රෝග ඖෂධ,, අපස්මාර රෝග ඖෂධ සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධ සදහා භාවිතා කරන ඖෂධ ඇත.
මෙම මිල නියාමනයට අදාල ගැසට් පත්‍රය ඊයේ මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබේජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම මිල නියාමන ගැසට් පත්‍රය සකස් කර ඇතමිල නියාමන ගැසට් පත්‍රයට සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ අත්සන් කරන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහචාර්ය අසිත ද සිල්වා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ එක්ව සිටියහ.
ඖෂධ මිල නියාමනය කිරීම පිළිබදව අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
පිළිකා ඖෂධ වලින් සියයට 95 ක් මිල දී ගනු ලබන්නේ රජයයිපෞද්ගලික අංශය සියයට ක් පමණ අලෙවි කරයි.පිළිකා ඖෂධ මිල අධිකයිඑම නිසා පිළිකා ඖෂධ මිල දී ගැනීමේ හැකියාවක් රෝගීන්ට නැහැඖෂධ ආනයනය කිරිම සදහා වසරකට රජය රුපියල් බිලියන 07 කට අධික මුදලක් වැය කරනවා.පිළිකා ඖෂධ මිල අඩු කිරිම තුලින් රජයට ඉතිරිවන මුදල රුපියල් බිලියන 02 ක්ටැබ්සුමාබ් නැමැති පිළිකා ඖෂධය යහපාලන රජය බලයට පත්වන විට අලෙවි වුයේ රුපියල් දෙලක්ෂ අසූදාහසකටයි.එය අද වන විට රුපියල් එක්ලක්ෂ හතලිස් හතරදහස දක්වා අඩු වී තිබෙනවානමුත් අද දින නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ටැබ්සුමාබ් ඖෂධය රුපියල් 95000 දක්වා අඩු වෙනවා. යහපාලන රජය බලයට පත්වන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිදහස් සෞඛ්‍ය සේවාව කියා මුදල් ගෙවා ඇත්තේ ඖෂධ සමාගම් වලටයි. 2016 ඔක්තෝබර් මස 21 දින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කර තිබෙනවාඑමගින් විවිධ වෙළෙද නාමයෙන් යුත් ඖෂධ වර්ග 400 ක පමණ මිල නියාමනය වුනාඅද දින සිදු කළ මිල නියාමනයත් සමග ඖෂධ සහ වෛද්‍ය උපකරණ 74 ක මිල නියාමනය කර තිබෙනවාඒ අනුව විවිධ වෙළෙද නාම වලින් යුත් ඖෂධ වර්ග 1000 කට ආසන්න සංඛ්‍යාවක මිල නියාමනය වී තිබෙනවාදුප්පත් ජනතාව වෙනුවෙන් තමයි මෙම තින්දු තීරණ ගනු ලබන්නේ.අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කිරීමේ දී ප්‍රතිජීවකවේදනා නාශකදියවැඩියාවඅධිරුධිර පීඩනයහෘද රෝග සදහා භාවිත කරන ඖෂධවල මිල නියාමනය කෙරුනාඅද වන විට රෝගීන් වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන ඖෂධ සියල්ල මිල දී ගැනීම නිසා සමස්ත ඖෂධ භාවිතය ද වැඩි වී තිබෙනවාමෙම මිල නියාමනය තුලින් ඖෂධ මිල දී ගැනීමෙන් රෝගීන් වෙත ලැබුනු සමස්ත ඉතිරිය ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.4 ක් වනවා.” යැයි පැවසීය.

The post ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිල අද සිට පහළට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();