Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධික අව් රශ්මිය විල්පත්තුව වෙලා ගනී.

Wilpaththuwa

විල්පත්තුව ජාතික වනෝද්‍යනයට මාස ගණනාවක් නොකඩවා වැසි නොලැබීම හේතුවෙන් අධික නියං තත්ත්වයක් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට බලපා තිබේ. මෙම වසරේ මුල් මාසයේ  නිසි වර්ෂාපතනයක් විල්පත්තුව වනෝද්‍යානයය ප්‍රදේශයට නොලැබිම නිසාවෙන් මෙම නියං තත්ත්වය තදින් බලපා ඇති බව වාර්තා වේ.

පවතින වියළි කාලගුණයත් සමඟ විල්පත්තුවට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන්  මේ වන විට වන සතුන් උග්‍ර පානිය ජල ගැටළුවකට මුහුණ දී ඇති බව එහි ගිය අප කැමරා කාචයේ මෙලෙස සටහන් විය.

ශ්‍රි ලංකාවේ පිහිටි වනෝද්‍යාන අතුරින් ඵෛතිහාසික හා පෞරාණික වැදගත්කමක්  ඇති විල්පත්තුව ජාතික වනෝද්‍යනයට මාස ගනණනාවක් පුරා නොකඩවා වැසි නොලැබීම හේතුවෙන් පවතින අධික නියං තත්ත්වය දැඩිව බල පෑමත් සමග විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වාසය කරන සතුන් බීමට ජලය නොමැතිකමින් ජලය සොයා වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වීම ආරම්බ කර ඇති බව කියයි.

මෙම වසරේ මුල් මාසයෙන් පසු නිසි වර්ෂාපතනයක් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට නොලැබීම හේතුවෙන් එහි පිහිටා ඇති ප්‍රධන විල්  27ක් අතරින් මාණික්කපොල ඌත්තු විල, මනවිල, ලුණුවිල, කුරුත්තු පණ්ඩිවිල, දෙමට විල යන විල් සමූහයට සමගාමිව ප්‍රධාන වැව් 07ක් අතරින් ඉලන්දමෝට්ටෙයි, කුඩාපතැස්ස, මහපතැස්ස, ලුණු වැව යන වැව් තුළද ප්‍රමාණවත්ව  ජලය නොමැතිකමින් යම් තරමකට සිදී ගොස් ඇති බව දක්නට ලැබේ.

මේ හේතුව නිසාවෙන් ජලාශ්‍රිතව වාසය කරන පක්ෂීන් අතුරින් දුර්ලබ ගණයේ පක්ෂීන් වන ලතුවැකියා,විවිරතුඩුවා,තඹසේරු,හිස කළු දෑ තුඩුවා,කළු පිය ඉපල් පාවා වැනි සතුන් වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වන බවක් දක්නට ලැබෙන අතර මුවන්, ගෝනුන්, කුළු ගවයින්, මීමින්නන් වැනි සිව්පා සතුන් ජලය සොයා වෙත් ප්‍රදේශ කරා යාමෙන් දිවියන් වැනි මාංශභක්ෂක සතුන්ගේ ගොදුරට මෙන්ම දඩයම් කරුවන්ගේ ග්‍රහණයට හසුවීමෙන් ජීවිත විනාශ වන බවක් ද වාර්තා වේ.

උභය ජීවීන්, ජලජ ජීවීන් ඇතුළු පක්ෂීන්, ක්ෂරපායින්, සිව්පාවුන්, බහුපාවුන් වැනි විශාල සත්ත්ව ගණයන් මෙසේ ජලය නොමැතිකමින් පීඩා විදන නිසාවෙන් සුළු වශයෙන් හෝ ජලය රැඳී ස්ථානවල සිට පහත් ප්‍රදේශයන් වෙත ජලය රැගෙන ඒමට වන ජීවි නිළධාරින්  කාර්යක්ෂම බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් අඟල් කපා ජල නළ එළීමක් සිදුකරගෙන යන ආකාරයක් දක්නට ලැබේ.

එලෙස සපයන ජල සැපයුමට අමතරව බවුසර් රථ මගින් නිතර ජලය උද්‍යානයේ තැනින් තැන සකස් කරන ලද වළවල් වෙත පිරවීමට කටයුතු කිරීම නිසාවෙන්  සමස්ථයක් ලෙස උග්‍ර ජල ප්‍රශ්ණයට මුහුණ දී ඇති වන සතුන්ගේ ජල ගැටළුවට යම්තාක් දුරට විසදුමක් ලබා දිය හැකි බව පවසයි.

ප්‍රදේශ කරා සංක්‍රමණය වන සතුන් දඩයම් කරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමටත් උද්‍යානයේ වාසය කරන සතුන්ගේ වර්ධනය ධනාත්මක මට්ටමකින් පවත්වා ගෙන යාමට මෙලෙස ජලය සැපයීමට නිලධාරින් නිරන්තරයෙන් කටයුතු කරන බව කියයි.

– පුත්තලම ප්‍රියංකර කළුපහන

The post අධික අව් රශ්මිය විල්පත්තුව වෙලා ගනී. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();