Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමැති හිස්බුල්ලා සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගන්නැයි නියෝග.

Hisbulla

සවුදි රජයේ ආධාරයෙන් ‘බැටික්ලෝ යුනිවර්සිටි’ විශ්ව විද්‍යාලය ඉදිකිරීම සඳහා යොදවා ගත් ඉදිකිරීම් සමාගම සතු රුපියල් මිලියන 94 ක් වටිනා යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය පැහැරගන්නා ලදැයි සහ ඒ භාණ්ඩ සම්බන්ධයෙන් විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියට සම්බන්ධ බව කියන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. හිස්බුල්ලා, ඔහුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වාලච්චේන මහෙස්ත‍්‍රාත් එම්. රිස්වාන් නියෝග කර ඇතැයි සඳහන් වේ.

“අපේ රටේ නීතී හදන ආයතනයේ සාමාජිකයින් වන මෙම අපරාධයට සම්බන්ධ සමහර පුද්ගලයින් නීතීය කඩකරනවා පමණක් නොවේ. නීතීයට ගරු කරන්නේවත් නැතැයි“ කියමින් නීතීඥ අජිත් පතිරණ  ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එලෙස නියම කර ඇත.

‘ලංකා බිල්ඩර්ස් කෝපරේටිව් සොසයිටි’ සමාගමේ සභාපති ආචාර්ය ප‍්‍රභාත් උක්වත්ත, පොලිස්පතිවරයා මාර්ගයෙන් පසුගිය ජනවාරී මාසයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙම සිද්ධියට අදාළව සිදුකළ පරීක්‍ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධාරීහු සවුදි රජයේ ආධාරයෙන් මඩකලපුවේ ‘බැටික්ලෝ යුනිවර්සිටි’ විශ්ව විද්‍යාලය ඉදිරිකරන බවත් එහි සභාපතිවරයා වශ්‍යයෙන් රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. හිස්බුල්ලා ද එහි අධ්‍යක්‍ෂවරයකු වශ්‍යයෙන් ඔහුගේ පුතා වන හිරාස් හිස්බුල්ලා ද කටයුතු කරන බව දැනුම් දී ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

The post ඇමැති හිස්බුල්ලා සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගන්නැයි නියෝග. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();