Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එමිල් රන්ජන් හා නියොමාල් රංගජීව යළි රිමාන්ඩ්.

REMANDED_01

බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව යන සැකකරුවන් තවදුරටත් ලබන 02 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. එම නඩුව අද(18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඉදිරියේ කැඳවා ඇත.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි. මෙම පරීක්ෂණයට අදාළ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති හෙයින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බවට පත්කරන මෙන්ද රහස් පොලිසිය ඉල්ලීම් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන 02  වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමට නියම කර ඇති අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් රහස් පොලිසියට නියම කර තිබේ.

The post එමිල් රන්ජන් හා නියොමාල් රංගජීව යළි රිමාන්ඩ්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();