Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස් ගාස්තු සංශෝධනයක්?

Bus_Fare

ඉන්ධන මිල වැඩී වීමත් සමඟ ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනයක් හෝ ඉන්ධන සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කර සිටී.

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු සියයට 10කින් ඉහළ නැංවිය යුතු බව බස් සංගම් ඊයේ  දිනයේදී සඳහන් කර ඇති අතර  බස් ගාස්තු සංශෝධනය කිරීමට රජයට දින 03 ක කාලයක් ලබාදෙන බවත්  ඔවුන් ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසා ඇත්තේ, බස් ගාස්තු ඉහළ දැමීමක් මීට පෙර ඉන්ධන මිල වැඩිවීම මත සිදු කල බවත්, ඒ අනුව නැවත වතාවක් බස් ගාස්තු වැඩි නොකරන බවට පැවසු බවයි. එහෙත් දෙවතාවක් මේ වන විට ඉන්ධන මිල වැඩි කර ඇති බැවින්, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කියා සිටින්නේ දැන් තිබෙන තත්ත්වය මත සියයට 5ක වැඩිවීමක් සිදු කළ යුතු බව ද ඔහු පවසා තිබේ.

එසේත් නොමැති නම් බස් ගාස්තු වැඩිවීමක් කරනවා ද නැතිනම් පොදු ප්‍රවාහනයට යම් ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්නේ ද යන්න පිළිබඳ සාකච්ඡා කළ යුතු බව ද කියා ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ  අමාත්‍ය මංගල සමරවීර විදෙස් ගතව ඇති බැවින් මෙරටට පැමිණි පසු මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවයි.

The post බස් ගාස්තු සංශෝධනයක්? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();