Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පවතින උෂ්ණාධික කාලගුණික තත්වය තවදුරටත්.

Heat Wave

පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වයේ සැලිකිය යුතු වෙනසක් මේ මස අවසානය වන තුරු අපේක්ෂා කල නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ පිළිබඳ පැහැදිලි කරමින් එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරන අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මෙම අදහස් පළ කළේය.

කෙසේ වෙතත් ඔක්තෝබර් හා නොවැම්බර් කාලවලදී වැසි බලාපොරොත්තු විය හැකි බව ද ඇය පැවසීය.

මේ අතර උෂ්ණාධික කාලගුණික තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා පියවර ගත යුතු බවත් අධික උෂ්ණත්වය හා හිරු එළිය නිසා අධික ලෙස දහඩිය දැමීම හේතුවෙන් කුඩා රතු පැහැති බිබිලි ඇති විය හැකි බවත් සඳහන් වේ.

දහඩිය වැඩි වශයෙන් දැමීම නිසා ශරීරයෙන් දහඩිය පිට කිරීමේ අපහසුතාවයන් ඇති විය හැකි බවත්  හැකි තරම් සම පිරිසිදුව තබා ගනිමින්, හැකි තරම් ජලය පාවිච්චි කිරීම හා දිනපතා ස්නානය කිරීමෙන් මෙම තත්ත්වය මඟ හැර විය හැකි බවත් පැවසේ.

දහඩිය උරා ගන්නා සැහැල්ලු ඇඳුමක් ඇඳීමට මෙම කාලයේ කටයුතු කළ යුතු අතර දරුවන් වැඩි වේලාවක් ක්‍රීඩා කිරීමෙන් වැළකීම තුළින් සිදුවිය හැකි අනතුරු අවම කර ගත හැකි බව වැඩිදුරටත් සඳහන් වේ.

The post පවතින උෂ්ණාධික කාලගුණික තත්වය තවදුරටත්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();