Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනිත්ගේ තුන් ඉරියව් දස්කම් බී.එම්.එස්. පිලට ජය ගෙනෙයි

ජනිත් ලියනගේ දැක්වූ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් රෙඩ්බුල් ලෝක කුසලාන විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවූ තෙවැනි තරගයෙන් සිම්බාබ්වේ ක්‍රීඩා හා තාක්ෂණික ජාතික විශ්වවිද්‍යාලයට (එන්.යූ.එස්.ටී) එරෙහිව ලකුණු 151ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ව්‍යාපාර කළමනාකරණ ආයතනය (බී.එම්.එස්.) සමත් විය.

ඊයේ පෙරවරුවේ එන්.සී.සී. පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බී.එම්.එස්. පිල කඩුලු 6ක් දැවී ලකුණු 179ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එන්.යූ.එස්.ටී පිලට ඕවර 8.5කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 28ක් පමණි.

බී.එම්.එස් පන්දු යවන්නන් හමුවේ අසරණ වූ එන්.යූ.එස්.ටී පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකිවූ අතර මසිංගයා මඩාල්ංග්වා රැස්කළ ලකුණු 8 ඉහළම ලකුණු සංඛ්‍යාව විය. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ජනිත් ලියනගේ කඩුලු 7ක් දවා ගත්තේ ලකුණු 6ක් පමණක් ලබාදෙමිනි. ඔහුට අනගි සහයක් ලබාදුන් කොෂාන් දනුෂ්ක ලකුණකට කඩුලු 2ක් දවාලීය.

පළමුව පන්දුවට පහරදුන් බී.එම්.එස්. පිල වෙනුවෙන් වේගවත් පිතිහරඹයක් දියත් කළ ජනිත් ලියනගේ ලකුණු 66ක් රැස් කළේ පන්දු 31ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය. මලිඳු මදුරංග ලකුණු 39ක්, හෂාන් දුමිඳු ලකුණු 25ක් ඉනිමට එක් කළහ.

මේ අතර ඊයේ පැවැති අනෙක් තරගවලින් පාකිස්තානය සහ ඉන්දියාවද ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විය.

එස්.එස්.සී පිටියේ පැවැති තරගයෙන් පාකිස්තානය හමුවේ බංග්ලාදේශය ලකුණු 49කින් පරාජයට පත්වූ අතර ඉන්දියාව හමුවේ එක්සත් අරාබි එමීර් පිල කඩුලු 3කින් පරාජයට පත්වූයේ ඊයේ පස්වරුවේ එන්.සී.සී පිටියේ පැවැති තරගයේදීය.

ශ්‍රී ලංකාව - 179/6 (ඕවර 20) ජනිත් ලියනගේ 66, මලිඳු මධුරංග 39, හෂාන් දුමිඳු 25 (ටවන්ද චමුම්බර 9/3, ඇනෙල් නිග්වෙනි 27/2)

සිම්බාබ්වේ - 28 (ඕවර 8.5) (ජනිත් ලියනගේ 6/7, කොෂාන් දනුෂ්ක 1/2)

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();