Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලයන්ස් ටොප් ස්පීඩ් යතුරුපැදි ශූරතාව ඒරන්ට

ගීෂා මුණසිංහ

කටුකුරුන්ද ගුවන් ධාවන පථයේදී නිමා වු වසරේ දැවැන්තම තරගාවලිය වූ ‘ලයන්ස් ටොප් ස්පීඩ්’ තරගාවලියේදී වට 16කින් සමන්විත 250 සී.සී. සුපර් ස්පෝර්ට් යතුරුපැදි විවෘත තරග ඉසව්වෙන් කිසිදු අභියෝගයකින් තෙරව ජයගත් ඒරන් ගුණවර්ධන දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස කුසලාන දිනාගැනීමට සමත් විය.

අශාන් සිල්වා එස්.එල්./ජී.ටී. 3500 සී.සී. මෝටර් රථ තරග ඉසව් දෙකෙන්ම ජයගෙන දක්ෂතම මෝටර රථ ධාවකයා ලෙස සියළු ගෞරව දිනාගැනීමට සමත් වුවත් රවීණ මෝටර් රථ ධාවක අරවින්ද ප්‍රේමදාස දෙවැනි තරගයේ අවසන් තරග ප්‍රතිඵල ප්‍ අභියෝගයට ලක් කිරීම හේතුවෙන් තරග තීරක විසින් ප්‍රතිඵල අත්හිටවනු ලැබීය.

ජාත්‍යන්තර අත්දැකීම් මනාව ප්‍රයෝජනයට ගත් ඒරන් ගුණවර්ධන සිව්වැන්නා ලෙස තරගය ආරම්භ කරමින් 250 සී.සී. සුපර් ස්පෝර්ට් යතුරුපැදි විවෘත තරග ඉසව්වේ ප්‍රවීණයන් වු මධුරංග කල්දේරා, ශ්‍රීයන්ත අනුරාධ, ප්‍රමුඛ සේසත්, පූර්ණක ප්‍රසාද් හා සොයෙල් ඩැනියෙල් අබිබවමින් වට 16කින් යුත් තරග ඉසව්ව ජයග්‍රාහීව නිමා කළේය. ඒරන් පසුපසින් සිටි ශ්‍රීයන්ත අනුරාධ හා දිමුත් ද සිල්වා දෙවැනියා සහ තෙවැනියා ලෙස තරගය අවසන් කළහ.

ඒරන් සොයුරු ජේඩින් ගුණවර්ධනද මේ ඉසව්ව නියෝජනය කළද ඔහුට සාර්ථක අවසානයක් ලබා ගත නොහැකි විය.

පෙරදින කාළ ගණනයේදී පෙරමුණ ගත් අශාන් සිල්වා එස්.එල්./ජී.ටී. 3500 සී.සී. මෝටර් රථ පළමු තරගයෙන් ප්‍රථමයා ලෙස තරගය නිමා කළ අතර සජාඩ් සුහයිර් දෙවැන්නාත්, චරිත් පෙරේරා තෙවැන්නා වූහ. දෙවැනි තරගයෙන්ද අශාන් පෙරමුණගත් අතර මිස්සක හා දිනේෂ් අශාන් පසුපසින් තරග වැදුණහ.

එස්. අමදෝරු, බ්‍රයන් පෙරේරායි, සකීර් වහාබ්, ශෙනාල් ගුණවර්ධන, රජිත උළුවිට, මනුර වන්නිආරච්චි, ඉම්රාෂ් ෆේරෝස්, චානක රත්නායක, මල්ලික කුරුවිටආරච්චි, ඩිලංක විජේසූරිය සහ ගිහාන් දිරසේකර මෝටර් රථ ඉසව්වලින් ජයගත් අතර එස්.එල්./ඒ. 1050 සී.සී. නවීකරණය කරන ලද මෝටර් රථ තරග ඉසව්වෙන් තිරාන් පෙරේරා ජයගත්තද අවසන් තරග ප්‍රතිඵල අභියෝගයට ලක්කරමින් තිරාන්ගේ මෝටර් රථ‍යේ අවශ්‍ය ප්‍රමිතියෙන් තොරයයි අභියෝග කිරීමෙන් එහි ප්‍රතිඵලද අත්හිටවන ලදී.

එස්.එල්ච/එෆ්. ෆොමියුලා මැක්ලරන්ස් (කාබුයුලේටර්) පළමු තරග ඉසව්වේදී සිදුවු අනතුරකින් ක්‍රීඩා ලොලීන් දෙදෙනෙකුට තුවාල සිදුවීම හේතුවෙන් දෙවැනි තරගය අත්හිටුවීය

සංගීත් සුරියගේ යතුරුපැදි තරගවලින් ද්විත්ව ශූරතා දිනාගත්තේ එස්.එම්. සුපර්මෝටාඩ් විවෘත 125-500 සී.සී.(2ටි) /250-750 සි.සී.(4ටී) ජය ගනිමිනි. කවිඳු දුෂාන් මුදලිගේ, කුෂාන් චමෝද්, සිවලිංගම් ඥානප්‍රකාෂ්, එම්.රීස්වී, ටි.වී.කොඩිකාරච්චි, එච්.ජී. නිපුණ ඩිලංක සහ ශාෂේන් ස්මිත් යතුරුපැදි තරග ඉසව්වලින් ජයගැනීමට සමත්වුහ.

දෙවැනි වරටත් 306 සී. සිංහ සමාජය විසින් ලයන්ස් ටොප් ස්පීඩ් තරගාවලියට අනුග්‍රාහකත්වයෙන් දායකත්වය සපයා තිබුණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();