Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආබාධ සහිතවූවන්ගේ සමස්ත ලංකා මලල ක්‍රීඩා උළෙල

ආබාධ සහිත ප්‍රජාවට ක්‍රීඩාවේ සම අවස්ථා ලබාදීමේ මූලික අරමුණින් සමාජ සුභසාධන හා ප්‍රාථමික කාර්මාන්ත අමාත්‍යාංශය සංවිධාන කළ 2018 වසරේ ආබාධ සහිතවූවන්ගේ සමස්ත ලංකා මලල ක්‍රීඩා උළෙලේ ජාතික ශූරතාව දිනා ගැනීමට කුරුණෑගල දිස්ත්‍රික්කය සමත් විය.

සුගතදාස ක්‍රීඩාංගණයේදී සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති තරගාවලියේ ජාතික අනුශූරතාව ගම්පහ දිස්ත්‍රික්කය සතු විය.

මේ තරගාවලියේදී අවුරුදු 15න් පහළ බාලක දක්ෂතම ක්‍රීඩකයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජේ.දමින්ද සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මොරණරාගල දිස්ත්‍රික්කයේ දිනිති නිසංසලා සම්මාන දිනාගත් අතර 15න් ඉහළ බාලක දක්ෂතම ක්‍රීඩකයා ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ බී.ඩබ්.ප්‍රදීප් සෝමසිරිත්, මහනුවර දිස්ත්‍රික්කයේ ඊ.ආර්.පී.ටී.ඊ.සමරසිංහ එම වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනා ගත්හ.

තෙවැනි වරට පැවැති මේ තරගාවලියේදී නව තරග වාර්තා 25ක් බිහිකිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පූර්ණ අන්ධ, ශ්‍රවණ ඌනතා/කථනාබාධ, බුද්ධිමය ඌනතා, රෝද පුටුවලට සීමාවූවන්, කෘතීම පාද සහිත සහ එක් අතක් හෝ අත් දෙකම වැලමිටෙන් අහිමි හෝ අප්‍රාණික යන අංශ යටතේ අවුරුදු 15න් පහළ සහ ඉහළ බාලක බාලිකා ලෙස මෙහිදී තරග ඉසව් 50ක් පමණ පැවැත්විණි.

තරගාවලියේ ප්‍රථම ස්ථානය සඳහා රු.20000ක්, දෙවැනි ස්ථානයට රු.15000ක් සහ තෙවැනියාට රු.10000 බැගින්ද මුදල් ත්‍යාග පිරිනැමුණි.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන තුසිතා විජේමාන්න හා රෝහිණි කවිරත්න මහත්මිහුද එක්ව සිටියහ.

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ
සහ සමාජ සුභසාධන හා ප්‍රාථමික කාර්මාන්ත අමාත්‍යාංශය

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();