Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හොංකොං-මැලේසියා කණ්ඩායම් ශ්‍රී ලංකා ප්‍රහාරයෙන් ඇද වැටෙයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

පළමු වරට සංවිධානය වූ ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හොංකොං හා මැලේසියා කණ්ඩායම් දෙකම පහසුවෙන් පරාජය කරති. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මැලේසියාව සමග තරගය වට 3-0කින් හා තරගාවලිය ආරම්භවූ පෙරේදා දිනයේ හොංකොං සමග තරගය වට 3-0ක් ලෙස විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාව වාර්තා කළේය.

අද පස්වරු 6.30ට පැවැත්වෙන සෞදි අරාබියාව සමග තරගයෙන් ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ‘ඒ’ කාණ්ඩයේ ශූරයින් බවට පත්වී මේ තරගාවලියේ ඉදිරි ගමන් මඟ වඩාත් පහසු කර ගැනිමට සමත්වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට එරෙහිව අණසක පැතිරවීමට සමත්වූ අතර මැලේසියා හා හොංකොං කණ්ඩායම්වලට දැඩි ප්‍රහාර එල්ල කළහ. මැලේසියාව සමග තරගයේ ලකුණු තත්ත්වය වූයේ ලකුණු 25- 16, 25- 18 හා 25- 23ක් වූ අතර හොංකොං පිලට එරෙහි තරගයේ ලකුණු තත්ත්වය 25- 15, 25-20 සහ 25-22 විය.

තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ප්‍රකාශයෙන් අනතුරුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පෙරේදා නිල වශයෙන් ආරම්භවූ මෙම ආසියානු ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියට රටවල් 8කින් කණ්ඩායම් ඉදිරිපත්ව සිටින අතර තරගාවලිය උසස් ලෙස සංවිධානය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවරගෙන තිබුණි. ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාව හා හොංකොං අතර තරගය බොහෝ වේලාවක් නරඹා ක්‍රීඩකයින්ට ධෛර්යදීම විශේෂ සිදුවීමකි.

ඊයේ පෙරවරුවේ ‘බී’ කාණ්ඩයේ තරග දෙකකින් ඉරාකයට හා බංග්ලාදේශයට ජය අත් වූහ. ඉරාකය විසින් ලකුණු 25-14, 25- 20 හා 25- 19ක් ලෙස මොන්ගෝලියාව වට 3-0කින් පරාජය කළ අතර, බංග්ලාදේශය විසින් 25- 22, 25- 16 හා 25- 18ක් ලෙස එක්සත් අරාබී එමීර් රාජ්‍යය පරාජයට පත් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();