Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියා සුදුසුකම් ලැබීමේ කාන්තා පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදී

වයස අවුරුදු 16න් පහළ 2019 ආසියානු සුදුසුකම් ලැබීමේ කාන්තා පාපන්දු ශූරතාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශ්‍රී ලංකාව හා ගුවාම් අතර තරගයෙන් ගුවාම් පිලට ගෝල් 4-2ක ජයක් අත්විය. උස්බෙකිස්තානය හා ජෝර්දානය අතර තරගය ගෝල් වාර්තා නොවී ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

කොළඹ සී. ආර්. පිටියේදී පෙරේදා පැවැති ශ්‍රී ලංකා - ගුවාම් අතර තරගයේ පළමු භාගයේදී ගෝල් 2-1ක් ලෙස ගුවාම් පිල ඉදිරියෙන් සිටි අතර තරගයේ 54 වැනි හා 64 වැනි මිනිත්තුවලදී ගුවාම් ක්‍රීඩිකාවෝ තවත් ගෝල් 2ක් රැස්කර ගත්හ.

මේ තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙන අතර පෙරවරු 11.00ට චීනය හා ගුවාම් අතර තරගය හා පස්වරු 3.00ට ශ්‍රී ලංකාව හා ජෝර්දානය සී. ආර්. පිටියේදී තරග වදිති.

මේ මූලික වටයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක 2019 ආසියානු 16න් පහළ කාන්තා පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();