Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාලිංගගේ හුදෙකලා සටන ශ්‍රී ලංකා පිතිකරුවෝ අත්හරිති

දෙවැනි තරගය අද ඇෆ්ගනිස්තානයට එරෙහිව

වසරකට පසුව එක්දින පිටියට පිවිසි ලසිත් මාලිංග සුපිරි පන්දු යැවීමක නිරතවෙමින් දැක්වු දක්ෂතා අපෙත් යැවූ ශ්‍රී ලංකා පිතිකරුවෝ බංග්ලාදේශය හමුවේ පළමු තරගයෙන් ලකුණු 137කින් පරාජයට පත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලකුණු 261ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ලකුණු 124කට දැවී ගියේ. මෙය බංග්ලදේශය හමුවේ ශ්‍රී ලංකා පිල දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා පොතට එක්විය. එමෙන්ම ශ්‍රී ලංකා පිලට එරෙහිව බංග්ලාදේශය ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවේ ජයග්‍රහණයද විය. බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ පාසල් මට්ටමේ පිතිකරණයක නිරතවූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 29 සීමාව පසු කිරීමට නොහැකි වීම කැපී පෙනුණි.

ඩිල්රුවන් පෙරේරා ලකුණු 29ක් රැස්කළ අතර උපුල් තරංග ලකුණු 27ක් සහ සුරංග ලක්මාල් ලකුණු 20ක් ඉනිමට එක් කළහ.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදෙශ ඉනිමේ මුල් කඩුලු 2 ලකුණක් තුළ බිඳ දැමීමට ලසිත් මාලිංග සමත්වූ අතර අනතුරුප පිටියට පිවිසි මුෂ්ෆිකුර් රහීම් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී යනතෙක් පිටියේ රැදෙමින් ලකුණු 144ක් රැස් කිරීමට සමත් විය. ආබාධයකට ලක්වීම හේතුවෙන් තමීම් ඉක්බාල් පිටියෙන් ඉවත්වීමෙන් පසු රහීම් සමග එක්වූ මොහොමඩ් මිතුන් මුළු ලකුණු සංඛ්‍යාව 134 දක්වා ඉදිරියට ගෙන ගියේ ලකුණු 131ක සබඳතාවක් පිහිටුවමිනි.

මිතුන් පන්දු 68කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 63ක් රැස් කළේය. තරගයේ වීරයා වූ රහීම් තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් පන්දු 150කින් ලකුණු 144ක් රැස් කළේය. හතරේ පහර 11කින් සහ හයේ පහර 4කින් ඉනිම වර්ණවත් විය. ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීමද පරාජයට ප්‍රධාන හේතුවක් විය. මෙහිදී මුෂ්ෆිකුර් රහීම් ලබාදුන් උඩ පන්දු 3ක් පන්දු රකින්නන් අතින් ගිහිලී ගොස් තිබිණි.

මේ අතර ශ්‍රී ලංකාව සහභාගීවන දෙවැනි තරගය අද ඇෆ්ගනිස්තානය සමගින් පැවැත්වෙයි. ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් එක්දින තරග 2ක් පවත්වා ඇති අතර එම තරග 2කම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ඇෆ්ගනිස්තානය එක්දින පිටියේදී ශ්‍රී ලංකාව අවසන් වරට මුණ ගැසී ඇත්තේ 2015 වසරේදීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();