බැසිල් රාජපක්ෂගේ සංවිධාන ශක්තියට අභියෝග කිරිමට උත්සාහ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තම පියාට විනාශය ළඟාකර දුන් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී “ජනබලය” පාගමන පිළිබදව මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“ජනබලය පාගමන පුස් වෙඩිල්ලක්. වසර 20 කට වඩා පාගමන් සංවිධානය කළ මම, මෙම පාගමනේ සංවිධාන ශක්තිය පිළිබදව මුල සිටම ප්‍රශ්නයකට මුහුණ දී සිටියා. රජය පළවා හැර නව රජයක් පිහිටුවන බවට ප්‍රකාශ කරමින් කොළඹට ගෙනඑන ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නේ කොහොමද කියලා සංවිධාන ශක්තියක් තිබුනේ නැහැ. අඛණ්ඩව විරෝධතා සිදු කිරීමේ දී අවම තරමේ වැසිකිළි කැසිකිළි පවා සිදු කිරීමේ ස්ථාන හදුනා ගැනීමට නොහැකි තත්ත්වයක් සංවිධායකයින් සතුව තිබුනා. මෙය සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එවැනි අවබෝධයක් තිබුනේ නැහැ. පසු දින සේවා ස්ථාන කරා පැමිණි ජනතාව දුර්ගන්ධය නිසා දෝෂාරෝපණ පවා එල්ල කළා. බැසිල් රාජපක්ෂ මහතා හොද සංවිධාන ශක්තියක් ඇති පුද්ගලයෙක්. මේ වන විට විදේශගත වී සිටින බැසිල් රාජපක්ෂ මහතාට පාඩමක් ඉගැන්වීමේ අරමුණින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම පාගමන සංවිධානය කළා. බැසිල් රාජපක්ෂ නොමැති වුවත් අපට සංවිධානය කරන්න පුළුවන් කියන බොළද මානසිකත්වයෙන් කටයුතු කිරීම නිසා නාමල් රාජපක්ෂ මහතා මේ වන විට අත පුච්චාගෙන සිටිනවා. රජය පෙරලා දමා නව රජයක් බිහි කරන බව ප්‍රකාශ කරමින් පැමිණි ජනතාවගෙන් එදින රාත්‍රිය වන විට 250 ක් වත් කොටුව ප්‍රදේශයේ දක්නට ලැබුනේ නැහැ. එම සිටි පිරිස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ප්‍රසිද්ධියේ බැන වදින ආකාරය සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා. රාජ්‍ය විරෝධී පාගමනකට සංවිධායකයින්ට ජනතාව බැන වැදුනු ප්‍රථම අවස්ථාව මෙයයි. මෙහි සංවිධායකයින් ජනතාව මහ මඟ සිටිය දී කොටුව ප්‍රදේශයේ තරු පහේ හෝටලවලට වී මත්පැන් පානය කරමින් සිටියා. දකුණු පළාතේ හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙක් සංගීතය ලබාදෙමින් මෙම තරුපහේ හොටල්වල විනෝදයෙන් කල් ගෙවුවා. නමුත් ජනතාව සිටියේ මහ මඟ.
මම මෙහිදී තව දෙයක් කීමට අවශ්‍යයි. විෂ සහිත කිරි පැකට් ලබාදුන්නා කියලා චෝදනාවක් එල්ල කරනවා. පාරේ සිටින මිනිසුන් ලබාදෙන කිරිපැකට් නොබී සංවිධායකින් ලබාදෙන කිරි පැකට් බීමට පාගමනේ නිරත වූ ජනතාවට සංවිධායක මණ්ඩලය උපදෙස් ලබාදුන්නේ නම් මෙවැනි ගැටලුවක් ඇති වන්නේ නැහැ.” යැයි පැවසීය.
The post බැසිල් රාජපක්ෂගේ සංවිධාන ශක්තියට අභියෝග කරන්න නාමල්ට බෑ – සුව ඇමති. appeared first on Lanka News Column.
0 Comments