Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීලනිපයට ඡන්ද ලක්ෂ 20ක්.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යටතේ විධායක ජනාධිපති ධුරයේ බොහෝ බලතල අඩුකර ඇති නිසා මිළඟ රජයක පාලකයා වන්නේ අගමැතිවරයා බැවින් සියලු දෙනා අවධානය යොමුකළ යුත්තේ දුෂණය, වංචාව, හොරකම නැති අයෙකු අගමැතිවරයා ලෙස බලයට පත්කර ගැනීම යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටී.

එමෙන්ම නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පවා විවිධ අදහස් පලකරන බව කී ජනපතිවරයා, එහෙත් ඒ තීරණය කළ යුත්තේ තමා බවද කෙසේ වෙතත් නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් නොපවත්වන බවද පැවසීය.

පසුගියදා කොළඹ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උද්ඝෝෂණය ගැන සඳහන් කළ ජනාධිපතිවරයා කියා සිටියේ පොහොට්ටුවේ අය එය සාර්ථක බව පවසන නමුත්, එ.ජා.ප.ය පවසන්නේ එය අසාර්ථක වූ බව යන්නයි.

මේ දෙපිරිසම අධිතක්සේරුවකින් කටයුතු කරන බව කී ජනපතිවරයා මීළඟ මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සාධකයක් වන බවත් පැවසීය. ඒ සඳහා උදාහරණ දැක්වූ ජනපතිවරයා කියාසිටියේ පෙබරවාරි 10වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව එම පක්ෂයට මහ මැතිවරණයකදී ලබාගත හැකිවන්නේ ආසන 102ක් බවය. එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද ලක්ෂ 15ක් ලබාගත් බවද, එය මේ වනවිට ලක්ෂ 20 දක්වා වැඩිකරගෙන ඇතැයිද ජනාධිපතිවරයා නිවිතිගල ජනහමුවකදී කීය.

The post ශ්‍රීලනිපයට ඡන්ද ලක්ෂ 20ක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();