Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරියානු රග්බි තරගාවලියට ශ්‍රී ලංකා පිල අද නම් කෙරේ

Author(s): 
ෆවුස් මොහොමඩ්

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ දෙවැනි අදියර ලෙස දකුණු කොරියාවේ දී මේ මස අග පැවැත්වන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය යළි සුදර්ශන මුතුතන්ත්‍රීට පැවරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. කොරියානු තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල අද නම් කිරීමට නියමිතය.

පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලිය අතරතුර මැණික් කටුවේ ආබාධයකට ලක්වූ ‘මුතූ‘ට හොංකොං හී පැවති ආසියානු සත් සාමාජික පළමු අදියරේ තරගාවලිය මඟ හැරී ගියේය. ඔහුගේ ආබාධය මේ වනවිට සුව අතට හැරී ඇති අතර කොරියානු තරගාවලිය සඳහා පුහුණුවීම් කරන ශ්‍රී ලංකා සංචිතයට එක්වී සිටී.

මීට අමතරව ආසියානු ක්‍රීඩා උළෙලේදීම පාදයේ ආබාධයකට ලක්ව හොංකොං තරගාවලිය අහිමිවූ සුපිරි ක්‍රීඩක ධනුෂ්ක රන්ජන් ද යළි පුහුණුවීම්වලට එක්වී ඇතැයි වාර්තා වෙයි. කෙසේ වුවත් ඔවුන් කොරියානු තරගාවලිය සඳහා ශාරිරික යෝග්‍යතාව අතින් සුදුසු මට්ටමක සිටින්නේදැයි යන්න කණ්ඩායමේ ශාරිරික යෝග්‍යතා පුහුණුකරු නික් ග්‍රවුබේගේ නිරික්ෂණයකට ලක්වනු ඇත.

එසේ වුවත් ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් හොංකොං තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ කවිඳු පෙරේරා සහ ගයාන් වීරරත්න මේ වනවිට ආබාධවලට ලක්වී සිටිති.

ඒ අනුව නිෂොන් ප්‍රනාන්දු සහ ඕමල්ක ගුණරත්න දෙවැනි අදියරේ තරගාවලියට එක්වනු ඇතැයි වාර්තාවෙයි.

හොංකොං තරගාවලියේදී තුන්වැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර කොරියානු තරගාවලියේදී සිය ස්ථානය තහවුරු කරගැනීමේ හෝ කුසලාන වටයේ අවසන් මහා තරගයට එක්වීමේ හෝ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();