Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනතාවගේ අපේක්ෂාව මම නෙවෙයි – ගෝඨාභය.

Gotabhaya

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන්වන පරීක්ෂණ සාධාරණ අයුරින් සිදුවනු ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා සිටී.  ඊයේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

වත්මන් ජනාධිපති සහ හිටපු ජනාධිපති ඇතුළු පවුලේ සමාජිකයන් ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  ඉන්දියානු ජාතිකයා හෙළි කළ කරුණු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරික්ෂණ කටයුතු පිළිබඳව ද මාධ්‍යවේදින් ඒ ඔහුගෙන් ප්‍රශ්න කිරිම් සිදු කළේය.

එයට පිළිතුරු සපයමින් ඔහු පැවසුවේ තමන් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන කාලයේ තමන් සමඟ රාජකාරි කළ දක්ෂ නිළධාරින් අපරාධ විමර්ශණ දේපාර්තමේන්තුවේ සේවය කරන බවත් ඔවුන් ඒ ආකාරයෙන්ම කටයුතු කරන්නේ නම් නිවැරදි විමර්ශනයක් සිදු කරනු ඇති බවත්ය.

රටේ ප්‍රධාන පුරවැසියා ඝාතනය කිරිමට සැලසුම් කර ඇති නම් එය විශාල ගැටලුක් බවද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ජනාධිපති අපෙක්ෂකා සම්බන්ධයෙන් කළ ප්‍රශ්නයකටද පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ජතාවගේ අපේක්ෂාව තමන්  නොවන බවත් ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ මහින්ද රාජපක්ෂ බවත්ය.

The post ජනතාවගේ අපේක්ෂාව මම නෙවෙයි – ගෝඨාභය. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();