Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රුපියල අවප්‍රමාණය වීම වළක්වා වැටුණු ආර්ථිකය නගා සිටවීමට සැවොම එක් වෙමු.

National_Movement _for_Consumer_Rights_Protectionin
Image result for ganna ape de
රුපියල අවප්‍රමාණය වීම වලක්වා වැටුනු ආර්ථිකය නගා සිටවීමට සැවොම එක් වෙමු යැයි සඳහන් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින්,
රුපියල අවප්‍රමාණය වීම වලක්වා වැටුනු ආර්ථිකය නගා සිටවීමට සැවොම එක් වෙමු.
මේ වන විට අප රට තුළ ඉතා විශාල වශයෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙමින් පවතී.  රුපියල අවප්‍රමාණයවීමේ ප්‍රතිවිපාක මෙරට පාරිභෝගිකයින් අත්විදිමින් සිටින අතර අප රටේ දේශපාලකයින් රුපියල අවප්‍රමාණයවීම වලක්වා ගැනීම සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. එහෙත් දේශපාලකයින් විසින් රුපියල අවප්‍රමාණයවීම පිළිබදව එකි නෙකාට චෝදනා කරගනිමින් සිටී.  
1948 සිට අප රට පාලනය කල දේශපාලකයින් රුපියල අවප්‍රමාණයවීම සදහා වගකිව යුතු බව අප සංවිධානයේ අදහස වන අතර නිසි ආර්ථික ප්‍රතිපත්තියක් ඉතිහාසයේ සිටම අප විසින් භාවිතා කර නොමැති අතර විටන් විට බලයට පැමිණි අවස්ථාවාදී දේශපාලකයින් සිය මඩිය තර කර ගැනීම සදහා කටයුතු කර විනා අප රට සංවර්ධනය කිරීමට කටයුතු නොකල බව රුපියල දිගින් දිගටම අවප්‍රමාණයවීම සාක්ෂි දරනු ඇත.
කෙසේ වෙතත් දැන් කළයුතුව ඇත්තේ එකිනෙකාට චෝදනා කරමින් සිටීම නොව අප වැටී ඇති ආර්ථික ආගාධයෙන් ගොඩ ඒම  සදහා සියලුම දේශපාලන පක්ෂ හා විද්වතුන් එකට එක්ව කටයුතු කිරීමයි. ඒ අනුව දේශපාන පක්ෂ අතර ඇති වාද බේද අතහැර ආර්ථිකය ගොඩ නැගීම සදහා කටයුතු කරන ලෙස සියලුම දේශපාලන පක්ෂවලින් අප සංවිධානය ගෞරවයෙන් ඉල්ලා සිටින අතර සෑම දේශපාලන පක්ෂයකම සාමාජිකයින් මෙම අවස්ථාවේ පීඩාවට පත්ව ඇති නිසා තම සාමාජිකයින් ගැන වැඩි දුරටත් සිතා බලන ලෙසද ආයාචනය කර සිටී.
විශේෂයෙන්ම පාරිභෝගිකයින් වශයෙන් අප දේශීය නිෂ්පාදන මිලදී ගැනීමටත් දේශීය දේ අගය කිරීමටත් කාළය එළඔ ඇති බැවින් ඒ සදහා කටයුතු කරන ලෙස පාරිභෝගිකයින්ගෙත් ඉල්ලා සිටිමු. තවද මෙරට සියලුම දේශපාලකයින් ද ජනතාව මෙන්ම මෙම අසීරැ අවධියේදී කැප කිරීම් කරනු ඇතැයි අප සංවිධානය බලා හුදෙක්ම පොරොත්තු වෙමු.
මෙයට, විශ්වාසි
රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
The post රුපියල අවප්‍රමාණය වීම වළක්වා වැටුණු ආර්ථිකය නගා සිටවීමට සැවොම එක් වෙමු. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();