බලපත්රයක් නොමැතිව අලිපැටවකු සන්තකයේ තබාගෙන සිටියේ යැයි චෝදනා එල්ල වී සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් 15 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(26) නියෝග කළ බව වර්තා වේ.
එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න ඉදිරියේ කැඳවූ අතර එහිදී උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අසනීප තත්වයෙන් පසුවන බව ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා විසින් අධිකරණයට දන්වා තිබේ. ඒ අනුව නඩුව නැවත ඔක්තෝම්බර් මස 15 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින වෑඩිදුර විභාගය සිදුකරන බව නියම කර ඇත.
2015 වසරේ ජනවාරි මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී බලපත්රයක් නොමැතිව අලිපැටවකු කිරුලපන, ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ තබාගෙන සිටියේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
The post උඩුවේ හිමිගේ නඩු විභාගය කල්යයි. appeared first on Lanka News Column.
0 Comments