Ticker

6/recent/ticker-posts

Header Ads Widget

5දා වැඩිය දැගලුවොත් ඇතුලට -පොලිස්පති කියයි.

IGP _pujitha_Jayasundara_PoliceNews

කොළඹදී  පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයේදී ජන ජීවිතයට හා මහජනතාවගේ සාමායට බාධා ඇති කළහොත් සුදුසු උපරිම  නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පති පුජිත ජයසුන්දර කියා  සිටියි .

ජන ජීවිතයට  මහජන සාමයට බාධා නොවන අයුරින් කටයුතු කරන්නැයි  උද්ඝෝෂක සංවිධායකයින්ගෙන් තමා ඉල්ලීමක් කරන බවද පොලිස්පතිවරයා සදහන් කරයි ..

උද්ඝෝෂණය පැවැත්වෙන 05 වැනිදා  කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායද  යොදවන බව කී    පොලිස්පතිවරයා පිට පළාත් වලින්ද පොලිස් කණ්ඩායම් කිහිපයක්ම කැඳවන බවද  ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව ඇතුළු  නගරයේ වැදගත්ම ස්ථාන රැසකට විශේෂ ආරක්ෂාව යොදවන බවත්  අමතර බුද්ධි අංශ කණ්ඩායම්, කැරලි මර්ධන කණ්ඩායම්,  රථ වාහන පොලිස් නිලධාරීන් ද සීරුවෙන් තබන බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.

The post 5දා වැඩිය දැගලුවොත් ඇතුලට -පොලිස්පති කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();