Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2019 අය-වැය කියවීමේ දිනය වෙනස් වෙයි.

Budget

වත්මන් මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ 2019 වසර සඳහා වන අය-වැය ලේඛනය නොවැම්බර් 08 ඉදිරිපත් කර දෙසැම්බර් 08 දක්වා පැවැත්විමට මීට පෙර තීරණය කර තිබු නමුත් මේ වනවිට එම දිනවල වෙනසක් සිදු කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව 2019 වසර සඳහා වන අයවැය 2018 නොවැම්බර් 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද එම කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වී තිබේ.

අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය විමසීම ලබන දෙසැම්බර් මස 08 වැනිදා පැවැත්වීමටද තීරණය කර ඇත.

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලබන නොවැම්බර් මස 05 වැනිදා සිට නොවැම්බර් මස 08 වැනිදා දක්වා කාලය තුළ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට අසනීපයකට ප්‍රථිකාර ගැනීමට හැර විදේශ ගත වීම තහනම් කර ඇතැයිද වාර්තා වේ.

The post 2019 අය-වැය කියවීමේ දිනය වෙනස් වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();