දසුන් ශානකගේ වේගවත් ශතකය හේතුවෙන් මහනුවර පිලට කඩුලු 5ක ජයක් හිමි වෙයි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ඊයේ පැවැති තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ගාල්ල පිල ඕවර් 20කදී කඩුලු 5කට ලකුණු 196ක් රැස්කළ අතර මහනුවර පිල කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබා ගත්තේය.
තරගයේ වීරයා බවට පත්වූ දසුන් ශානක මෙම තරගාවලියේ වේගවත්ම ශතකය වාර්තා කරමින් පන්දු 52කදී හයේ පහර 5ක් හා හතරේ පහර 13ක් සමග ලකුණු 105ක් වාර්තා කළේය. ඔහු මෙම තරගාවලියේ තරග 6කදී ලකුණු 315ක් ලබා පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටී. නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38කදී හතරේ පහර 6ක් සමග ලකුණු 46ක් ලැබීය.
ගාල්ල පිල වෙනුවෙන් පළමු කඩුල්ලට ලකුණු 70ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට කුසල් මෙන්ඩිස් හා ළහිරු මිලන්ත සමත්වූ අතර මෙන්ඩිස් පන්දු 17කදී හයේ 3ක් හා හතරේ පහර 5ක් සමග ලකුණු 43ක් හා මිලන්ත පන්දු 14කදී හතරේ පහර 4ක් සමග ලකුණු 24ක් ලබා ගත්හ. ගාල්ල ඉනිමට ශක්තියක්වූ ඇන්ජලෝ පෙරේරා ලකුණු 47ක් හා අසේල ගුණරත්න ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වූහ.
මහනුවර පිලට ක්‍රීඩා කළ 21 හැවිරිදි චරිත් අසලංක ලකුණු 14කට කඩුලු 4ක් බිද හෙලමින් විශිෂ්ට දක්ෂතා දැක්විය.
ගාල්ල පිල කඩුලු 5කට ලකුණු 196 ( 20)
කුසල් මෙන්ඩිස් 43, ළහිරු මිලන්ත 24, ඇන්ජලෝ පෙරේරා 47 , අසේල ගුණරත්න 46
(චරිත් අසලංක 14/4, ලසිත් මාලිංග 52/1)
මහනුවර පිල කඩුලු 5කට ලකුණු 199 ( 19.2)
ඇන්ජලෝ මැතිව්ස් 46, දසුන් ශානක නොදැවී 105, චරිත් අසලංක නොදැවී 8
(ධනංජය ද සිල්වා 9/2, දුෂ්මන්ත චමීර 41/1, කසුන් රජිත 45/1, සහන් ආරච්චිගේ 27/1) )
0 Comments