ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ලබන වසරේ පෙබරවාරි 9 දක්වා කල්දීමට ජාත්‍යන්තර ක්‍රිකට් සමුලුව තීරණය කරයි.
එමෙන්ම දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට නිසි බලධාරියා ලෙස සම්බන්ධවී සිටින ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා සමග තවත් සාමාජිකයින් සිවු දෙනකු පත්කරන ලෙසද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට දැනුම්දී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබඳව හා ක්‍රිකට් ආයතනයට ඡන්දයෙන් නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමග ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඇතුලු නියෝජිතයෝ පිරිසක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ඩුබායීහී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණවලට එළැඹ ඇත.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරි කමල් පද්මසිරි, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
0 Comments