Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු උළෙලේ ශ්‍රී ලංකා ප්‍රධානීහු ඉන්දුනීසියාවට

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර
 දම්පත් ප්‍රනාන්දු මහතා ,ගාමිණී ජය­සිංහ මහතා

ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී, යුද හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු හා නියෝජ්‍ය කණ්ඩායම් ප්‍රධානී හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහත්වරු ඊයේ ඉන්දුනීසියාව බලා පිටත්වූහ. ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 178ක් හා නිලධරීහු 81ක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන අතර ක්‍රීඩා උළෙලට පෙර අවශ්‍ය සියලු පහසුකම් හා සංවිධාන කටයුතු පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවලට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා හා නියෝජ්‍ය කණ්ඩායම් ප්‍රධානියා සහභාගී වෙති.

මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු හා ගාමිණී ජයසිංහ යන මහත්වරු මෙයට පෙර මුල් පෙළේ ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල රාශියකදී ශ්‍රී ලංකා කණ්ඩායම් භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකුවීම විශේෂත්වයකි. දම්පත් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ගුවහාතී හී නිමාව දුටු දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් භාර ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර විනයවත් ක්‍රීඩක පිරිසක් මෙහෙයවීමේ ගෞරවය හිමිකර ගත්තේය. එමෙන්ම ගාමිණී ජයසිංහ මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය, ඔලිම්පික් උළෙල හා දකුණු ආසියා ක්‍රීඩා උළෙල යන අවස්ථා කිහිපයකදීම ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස කටයුතු කළේය.

ආසියානු ක්‍රීඩා උළෙල මේ මස 18 වැනිදා ඉන්දුනීසියාවේදී ආරම්භවන අතර 15 වැනිදා වුෂූ, ටයිකොන්ඩෝ හා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිටත්වෙති. ඉතිරි ක්‍රීඩා කණ්ඩායම් අදියර කිහිපයක් යටතේ ඉන්දුනීසියාව බලා යැවීමට ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුව පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවෙන් ආසියානු ක්‍රීඩා උළෙලකට සහභාගීවන වැඩිම පිරිස මෙවර සහභාගී වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();