Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා නැඟී එන පිල තරගාවලිය කලින් දිනයි

අසේලගෙන් තුන් ඉරියව් දස්කම්

අසේල ගුණරත්නගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් සංචාරක දකුණු අප්‍රිකානු නැඟී එන ක්‍රිකට් පිල සමග රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී 2-0කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු නැඟී එන පිල ලකුණු 267කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 5ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 5ක් පමණක් අහිමිකර ගනිමිනි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ඇරැඹු දිමුත් කරුණාරත්න (12) සහ සදීර සමරවික්‍රම (25) මුළු ලකුණු 40 දී පිටියෙන් ඉවත් කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.

එහෙත් ශ්‍රී ලංකා පිල ජයග්‍රාහී මාවතට ගෙන ගිය යොවුන් පිතිකරු චරිත් අසලංක තෙවැති කඩුල්ලට කමිඳු මෙන්ඩිස් සමගින් ලකුණු 94ක් සහ අසෝල ගුණරත්න සමගින් සිවුවැනි කඩුල්ලට ලකුණු 81 සබඳතාවක් පිහිටුවීමට සමත් විය. අසලංක ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 215ක් විය.

කමිඳු මෙන්ඩිස් පන්දු 61කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 54ක් රැස්කළ පන්දු පන්දු 87කට මුහුණ දුන් අසලංක හතරේ පහර 6ක් සමගින් ලකුණු 69ක් රැස් කළේය.

අසේල ගුණරත්න ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට ලකුණු 57ක් රැස්කර තිබිණි. පන්දු 64ක් වැයවූ ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් එක්වී තිබිණි.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා නැඟී එන පිල වෙනුවෙන් සාර්ථක ඉනිමක් දියත් කළ මැතිව් බ්‍රිට්ස්කෝ, ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ ශතකයට ලකුණු 3ක් පසුපසින් සිටියදීය. පන්දු 103කට මුහුණදුන් ඔහු හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබිණි.

රයන් රිකල්ටන් පන්දු 72කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 61ක් රැස්කළ අතර බ්‍රිට්ස්කෝ සමග තෙවැනි කඩුල්ලට ලකුණු 87ක් එක් කළේය. පන්දු යැවීමේදී අසේල ගුණරත්න කඩුලු 4ක් දවාගත් අතර නිශාන් පීරිස් සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

දෙපිල අතර තෙවැනි හා අවසන් එක්දින තරගය හෙට (14) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

දකුණු අප්‍රිකානු නැඟී එන පිල - 267 (ඕවර 47.5) මැතිව් බ්‍රිට්ස්කේ 97, රයන් රිකෙල්ටන් 61, ග්‍රෙගරි මලෝක්වානා 36 (අසේල ගුණරත්න 30/4, නිශාන් පීරිස් 41/2, ජෙෆ්රි වැන්ඩසේ 55/2)

ශ්‍රී ලංකා නැඟී එන පිල - 269/5 (ඕවර 49.1) චරිත් අසලංක 69, අසේල ගුණරත්න 57, කමිඳු මෙන්ඩිස් 54

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();