ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී හෙට ආරම්භවන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ධජය රැගෙන යෑමේ ගෞරවය පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් දිනූ බර ඉසිලීමේ ක්‍රීඩිකා හංසනී ගෝමස්ට හිමි වෙයි. බර ඉසිලීමේ ක්‍රීඩිකාවක් ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලකදී සිංහ ධජය අතැතිව පෙරටුව ගමන් ගන්නා පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසගත වේ.
ගෝල්ඩ් කොස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී හංසනී ලෝකඩ පදක්කමක් දිනාගත් අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් 2ක් හිමිකර ගත්තාය. කලුතර සාන්ත මේරී විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ හංසනී ගෝමස් දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන අතර වසර ගනනාවක් එක දිගටම ජාතික බර ඉසිලීමේ ශූරිය බවට පත් වූවාය. වාද්දුවේ පදිංචි ඇය 2016 දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ රිදී පදක්කම දිනා ගත්තාය.
0 Comments