Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු අභියෝගීතා වොලිබෝල් තරගාවලියට රටවල් 8ක් ශ්‍රී ලංකාවට

ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් ලබන මස සුගතදාස පිටියේ

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ආසියානු අභියෝගීතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලිය ලබන සැප්තැම්බර් මස 15 සිට 22 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ‘ඒ‘ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, මැලේසියාව, හොං කොං, කසකස්තානය හා ‘බී‘ කාණ්ඩයෙන් මොන්ගෝලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය. බංග්ලාදේශය, ඉරාකය යන රටවල් එක්වන මෙම තරගාවලියට වැයවන මුදලින් රුපියල් මිලියන දෙකක අනුග්‍රාහක සවිබලය ඩයලොග් ආසියාටා සමාගම පිරිනමයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවන මෙම තරගාවලියේ සමාප්ති උළෙල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.

ආසියානු අභියෝගීතා කුසලාන වොලිබෝල් පළමු තරගාවලියේදීම සත්කාරකත්වය ආසියානු වොලිබෝල් සම්මේලනය ශ්‍රී ලංකාවට පිරිනැමිම විශේෂත්වයකි. මේ සදහා ක්‍රීඩා අමාත්‍යාංශය මිලියන 7.5ක් ලබාදී ඇති අතර පෞද්ගලික අංශයෙන් ඉතිරි මුදල් පියවා ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු කර ඇත.

ක්‍රීඩා ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතා මේ පිළිබදව පෙරේදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවැසූවේ ජාතික ක්‍රීඩා සංගම් 63ක් අතුරින් වඩාත් උනන්දුවකින් වොලිබෝල් සම්මේලනය කටයුතු කිරීම ප්‍රශංසනීය බවයි. “ බොහෝ ක්‍රීඩා සංගම් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් යැපෙනවා. ඒත් වොලිබෝල් සම්මේලනය පෞද්ගලික අංශයේ සහයෝගය මේ සදහා ලබා ගැනීමට උත්සහා කරනවා. රජයට සෑම දෙයක්ම කළ නොහැකියි. පෞද්ගලික අංශයේ අනුග්‍රහය හා සහාය ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍යයි. වොලිබෝල් දියුණුවට ක්‍රීඩා අමාත්‍යාංශය හැකි සියලු සහයෝගය ලබා දෙනවා“ ඇමැතිවරයා පැවැසීය.

මෙම තරගාවලියේ ශූරතාව හෝ අනු ශූරතාව ශ්‍රි ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ දිනා ගතහොත් ආසියාවේ පළමු කණ්ඩායම් අට අතරට පිවිසීමේ අවස්ථාව උදා වවන බවත් එය ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවේ ආසන්න ඉලක්කය බවත් විදුලි බල, පුනර්ජනනීය ඇමැති හා වොලිබෝල් සභාපති රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේය. එම අවස්ථාව ළගා කරගැනීමට ක්‍රීඩක පිරිස දක්වන උනන්දුව අගය කරන බවද ඒ මහතා පැවැසීය.

ආසියානු වොලිබෝල් සම්මේලනය ප්‍රධාන තරගාවලි දෙකක් හදුන්වාදී ඇති අතර ආසියාවේ හොදම වොලිබෝල් කණ්ඩායම් අට ආසියානු කුසලාන තරගාවලියට හා අනෙක් කණ්ඩායම් 10 ආසියානු අභියෝගීතා කුසලාන වොලිබෝල් තරගාවලියට ක්‍රීඩා කරති.

ආසියානු අභියෝගීතා කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරයින් හා අනු ශූරයින් ප්‍රධාන තරගාවලිය වන ආසියානු කුසලාන තරගාවලියට උසස්වන අතර ආසියානු කුසලාන තරගාවලියේ හත්වැනි හා අටවැනි ස්ථාන වලට පත්වන කණ්ඩායම් දෙක ආසියානු අභියෝගීතා කුසලාන වොලිබෝල් තරගාවලිය දක්වා පහතට වැටීම නව ක්‍රමය අනුව සිදුවේ.

තරගාවලිය කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව ‘ඒ‘ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි. ශ්‍රී ලංකාව සමග මැලේසියාව හා ෆීජී ක්‍රීඩා කරන අතර ‘බී‘ කාණ්ඩයෙන් මොන්ගෝලියාව, සෞදි අරාබිය හා හොංකොං කණ්ඩායම්, ‘ සී‘ කාණ්ඩයෙන් , ඩුබායි, බංග්ලාදේශය, උස්බෙකිස්තානය හා ඉරාකය තරග බිමට පිවිසෙති. ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම ආසියානු අභියෝගීතා කුසලාන වොලිබෝල් තරගාවලිය වෙනුවෙන් සර්බියානු ජාතික පුහුණුකරු යටතේ පුහුණු කටයුතු සිදුකරමින් සිටී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();