පාපන්දු ලෝක කුසලානය දිනූ ප්‍රංශය ජාත්‍යන්තර පාපන්දු සම්මේලන නවතම ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පත්වී සිටී. මීට පෙර 6 වැනි ස්ථානයේ පසුවූ ප්‍රංශය මෙවර ලෝක කුසලානයේ ජයග්‍රහණයත් සමග පෙරමුණ ගැනීමට සමත්වෙද්දී පසුගිය තරගාවලියේ ශූරයන්වී පෙරමුණේ පසුවූ ජර්මනිය 15 වැනි ස්ථානය දක්වා පහළට ගොස් තිබේ.
ලෝක කුසලාන තරගාවලියේ කැපී පෙනෙන කණ්ඩායම බවට පත්වෙමින් අනුශූරතාව දිනූ ක්‍රොඒෂියාව ස්ථාන 16ක් පසු කරමින් සිවුවැනි ස්ථානයට පත්වීම විශේෂත්වයකි. වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වන්නේ මීට පෙර 49 වැනි තැන සිටි සත්කාරක රුසියාව මෙවර 21 වැනි තැනට පත්වීමය.
12 වැනි තැන සිටි එංගලන්තය 6 වැනි ස්ථානයට පැමිණ සිටින අතර දෙවැනි තැන පසුවන්නේ මීට පෙර තුන්වැනි තැන සිටි බෙල්ජියමයි. ඒ අනුව මෙතෙක් දෙවැනි තැන පසුවූ බ්‍රසීලය තුන්වැනි තැනට ඇදවැටී තිබේ. පස්වැනි ස්ථානය උරුගුවේ පිලට හිමිවී ඇති අතර පෘතුගාලය ස්ථාන 3ක් පහළට වැටී 7 වැනි තැන රැඳී සිටී. ස්විට්සර්ලන්තයට 8 වැනි තැනත්, ස්පාඤ්ඤයට 9 වැනි තැනත් හිමිවී තිබේ.
0 Comments