Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියාවේ කඟවේනා චීනයෙන්

නිරෝෂාන් ප්‍රියංකර ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සිට...

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ආසියාවේ වේගවත්ම කෙටිදුර ධාවකයා ලෙස රන් පදක්කම දිනා ගැනීමට චීනයේ සූ බින්ග්ඩියා සමත් විය. ඔහු මීටර් 100 ඉසව්ව තත්පර 9.92කින් නිම කළේ නව තරග වාර්තාවක්ද බිහි කරමිනි. එහි රිදී පදක්කම තත්පර 10.00කි වාර්තා කළ කටාරයේ ටසින් ඔගුනෝඩ් දිනාගත් අතර ලෝකඩ පදක්කම ජපානයේ රියෝටා යමගටා (තත්.10.00) දිනා ගත්තේය.

මීටර් 100 කාන්තා ඉසව්ව තත්පර 11.30කින් නිමකරමින් ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස කිරුළු පැලැදීමට බහරේනයේ එඩියාන්ග් ඔඩියාන්ග් සමත්වූ අතර රිදී පදක්කම ඉන්දියාවේ දූත් චන්ද් (තත්.11.32) සහ ලෝකඩ පදක්කම චීනයේ වී යොන්ග්ලි (තත්.11.33) දිනා ගත්තාය.

මේ ඉසව්වේ රිදී පදක්කම දිනාගත් ඉන්දියාවේ දූත් චාන්ද් 2016 වසරේ ඉන්දියාවේ පැවැති දකුණු අසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් ක්‍රීඩිකාවයි. එහිදී ඇය තත්පර 11.88ක කාලයක් වාර්තා කළ අතර එම ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනාගත්තේ ශ්‍රී ලංකාව නියෝජනයක කළ රුමේෂිකා රත්නායකයි. ඇය මේ තරගයට එක් නොවුණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();