මෙරට පැවැත්වෙන දීර්ඝතම හා අංක එකේ පාපැදි තරගය වන, ‘එස්.එල්.ටී. ස්පීඩ් අප්‘ පාපැදි සවාරිය සැප්තැම්බර් මාසයේදී තෙවැනි වරටත් පැවැත්වෙයි. පිරිමි තරගය සැප්තැම්බර් 4 වැනිදා සිට 8 දක්වා පැවැත්වෙන අතර කාන්තා තරගය සැප්තැම්බර් 7 සහ 8 පැවැත්වෙයි.
ශ්‍රී ලංකා පාපැදි තරග ඉතිහාසයේ කාන්තාවන් සඳහා දෙදින තරගයක් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය වේ. මීට අමතරව පාපැදි තරග ඉතිහාසයට තවත් පරිච්ඡේදයක් එක් කරමින් පළමු වරට පැරා පාපැදි තරගයක් ද මෙවර ඇතුළත්ය. එම තරගය සැප්තැම්බර් 8 වැනිදා පැවැත්වීමට නියමිතය.
එස්.එල්.ටී. ස්පීඩ් අප්‘ පාපැදි සවාරිය පිළිබඳ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා මෙසේ අදහස් පළකරයි.
‘ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සංවිධාන කරණු ලබන ස්පීඩ් අප් සවාරිය, පාපැදිය භාවිතය මෙරට ජනතාව අතර ජනප්‍රිය කිරීමටත් මෙවැනි ඉසව්වලින් උත්තේජනයක් සපයනවා. පාපැදිය යනු පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යයක්. එසේම එය භාවිතය ශරීරයට ව්‍යායාමයක්. මේ ආදි කරුණු කාරණා රාශියක් නිසා අද ලෝකයේ බොහෝ දියුණු රටවල් කෙටි ගමන් සඳහා පාපැදි භාවිතය ප්‍රවර්ධනය කරනවා. එස්.එල්.ටී. ස්පීඩ් අප් සවාරිය මගින් ශ්‍රී ලංකාවත් මෙවැනි සංස්කෘතියක් වෙත රැගෙන යෑමට අපි බලාපොරොත්තු වෙනවා. එය අද කාලයට මනා සේ ගැලපෙන සමාජ සත්කාරයක් ලෙසින් මා දකිනවා. ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රීඩාවට පෝෂණය සපයන සමාජ වගකීමක් සහිත සමාගමක් ලෙසින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ශරීර සෞඛ්‍යයට හිතකර, පරිසර හිතකාමී ක්‍රියාකාරකමක් ලෙසින් පාපැදි ක්‍රීඩාව ප්‍රවර්ධනයට කැප වෙනවා.‘
‘ශ්‍රී ලංකාවේ අංක එකේ ඩිජිටල් සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙසින් සිටිමින් පවා අප නොනැවතීම අපගේ සේවාවන් නව්‍යකරණයට ලක්කරමින් අලුත්ම අත්දැකීමක් අපගේ පාරිභෝගිකයන්ට ලබාදෙනවා වගේම සියලුම තරාතිරමේ අය ආදරය කරන ක්‍රීඩාව ලෙස ශ්‍රී ලංකාවේ අංක එකේ පාපැදි සවාරිය, මෙම එස්.එල්.ටී. ස්පීඩ් අප් තරගාවලියත් සමග නව්‍යකරණයට ලක්ව තිබෙනවා.
මෙවැනි පාපැදි සවාරියක් සංවිධාන කිරීම ලෙහෙසි කටයුත්ත නෙමෙයි. ඒ වෙනුවෙන් කැපවෙන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ඇතුළු දායකත්වයකත්වය සපයන සියලු පාර්ශ්වයන්ට ස්තුති කිරීමට මෙන්ම, ඉතාම කැපවීමෙන් එස්.එල්.ටී. ස්පීඩ් අප් තරගාවලියේ තරගවැදීමට සූදානම් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබපැතීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා.‘
0 Comments