Ticker

6/recent/ticker-posts

Header Ads Widget

New Age Journalism තේරෙන සිංහලෙන්


Image may contain: 5 people, people smiling, text

New Age Journalism හෙවත් නව යුගයේ ජනමාධ්‍ය යනු පුළුල් අර්ථයෙන් තේරුම් ගත යුතු මාතෘකාවකි.

නව යුගයේ ජනමාධ්‍යයේ සුවිශේෂම ලක්ෂණය එය ඩිජිටල් මාධ්‍යයේ ප්‍රමුඛතම ගුණාංගවලින් පෝෂණය වී තිබීමයි; නො එසේ නම් ආභාෂය ලබා තිබීමයි. එම නිසා සාම්ප්‍රදායික මුද්‍රිත මාධ්‍යයට ද සිය සීමාවන් තරණය කොට නව ආකෘතීන් සොයා ගැනීමට සිදුව ඇත. ලෝකය පුරා පාඨකයන් ආකර්ශණය කරගනිමින් සිටින මුද්‍රිත මාධ්‍ය ඉතා ශක්තිමත්ව New Age Journalism වැළද ගෙන තිබේ.


එහි එක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නව යුගයේ ජනමාධ්‍ය Visually Engaging වීමයි. එසේත් නැත්නම් පාඨකයා සමග දෘශ්‍යමය බැඳීමක් පවත්වා ගැනීමයි. ඔබේ ප්‍රකාශනය පුවත්පතක් වුව ද, වෙබ් අඩවියක් වුව ද, සඟරාවක් වුව ද මේ දෘශ්‍යමය බැඳීම එක ලෙස පවත්වා ගෙන යා යුතුය.

දෘශ්‍යමය බැඳීම යනු හුදෙක් ලස්සන ලේ අවුට් ( Layout) හෝ කලාත්මක ඩිසයින් (Design)නොවේ. මෙහි තේරුම පුවත්පතේ හෝ වෙබ් අඩවියේ බාහිර සැකසුම පාඨකයා සමග අන්තර්ක්‍රියා (Engage) කිරීමයි. එයට එක් උදාහරණයක් මෙතැනට එක් කර ඇත. ( https://www.bbc.co.uk/…/resources/idt-sh/raqqas_dirty_secret ) මෙය පුවත්පතකට මෙන්ම පුවත් වෙබ් අඩවියකට ද එක ලෙස අදාළ වන්නකි.

පාඨකයා සමග දෘශ්‍යමය වශයෙන් අන්තර්ක්‍රියා කළ හැකි තවත් මාධ්‍යයක් වන්නේ ග්‍රැෆික් මාධ්‍යයයි. මෙහිදී සිදු විය යුතු මූලිකම දෙය වන්නේ ඉතා ඉක්මනින් පාඨකයාට ග්‍රහණය කර ගත හැකි අන්දමට ග්‍රැෆික්/ඉන්ෆොග්‍රැෆික් ඔස්සේ ප්‍රවෘත්ති සහ කරුණු ඉදිරිපත් කිර්‍රිමයි. දැනට ලංකාවේ කිසිම සිංහල පුවත්පතක් වෘත්තීයමය මට්ටමේ ග්‍රැෆික් ඉදිරිපත් කරන්නේ නැත. ඉංග්‍රීසි පුවත්පත් යම් අවස්ථාවල මේ සම්බන්ධයෙන් ධණාත්මක අත්හදා බැලීම් සිදු කොට ඇත. මේ සඳහා මගේ මතකයට නැගෙන එක් උදාහරණයක් වන්නේ 2008 වසරේ The Bottomline පුවත්පතේ ප්‍රභාකරන්ගේ භූගත බංකරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ග්‍රැෆික් නිර්මාණයයි.එහෙත් ඉංග්‍රීසි මාධ්‍ය කොතරම් දුරට අඛණ්ඩව එය සිදු කරන්නේ ද යන්න පිළිබඳ ගැටලුවක් පවතී.

New Age Journalism සඳහා ඇති තවත් ඉතා ඵලදායී මෙවලමක් වන්නේ 360 තාක්ෂණයයි. වෙබ් අඩවිවලට අද විශාල පිරිවැයකින් තොරව 360 ඡායාරූප සහ වීඩියෝ කරා යා හැකි අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ කිසිම මාධ්‍ය ආයතනයක් ඒ සඳහා ප්‍රමාණවත් ආයෝජනයක් සිදු කොට ඇති බව පෙනෙන්නේ නැත. එය සමස්තයක් වශයෙන් ලංකාවේ මාධ්‍ය 'නව යුගයට' තවමත් නොපැමිණීමට හේතුවකි.

මෙයට අමතරව මාධ්‍යයක් ආකර්ශණය කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධක වන ප්‍රබල ඡායාරූප භාවිතය, සුදු පැවැති අවකාශය භාවිතය වැනි කවුරුත් දන්නා කරුණු ගැන මෙතැන වැඩිපුර කතා කරන්නට මා බලාපොරොත්තු වන්නේ නැත.

නව යුගයේ ජනමාධ්‍යවල තවත් වැදගත් අංගයක් වන සංඛ්‍යාදත්ත මාධ්‍යවේදය (Data Journalism) සහ ලංකාවේ ඊට ඇති අවකාශය ගැන ඊළඟට කතා කරමු.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();