Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රොඒෂියානු ජනාධිපතිනි කොලින්ඩා ග්‍රාබාර් කීරොරොවිච් Kolinda Grabar-Kitarović

Image may contain: 1 person, smiling, standing
Image may contain: 1 person, smiling, standing
Image may contain: 2 people, people smiling, people sitting
Image may contain: 2 people, people smiling, people standing

ක්‍රොඒෂියානු ජනාධිපතිනි කොලින්ඩා ග්‍රාබාර් කීරොරොවිච් Kolinda Grabar-Kitarović යනු මේ දිනවල ලෝක ජනමාධ්‍යවලින් පවා කතාකරන චරිතයකි.

ඇගේ සුරූපී රූ සපුව හා ඇය තම ජාතික පාපන්දු කණ්ඩායමට ලබාදුන් අසමසම සහයෝගය නිසා කුණාටුවක් නිර්මාණය කර තිබේ.

නමුත් ඇයගේ අලංකාර රූ සපුවට අමතරව ඇය ගැන විස්තර ඔබ දන්නේද?


1968 අප්‍රේල් 29 වන දින උපත ලද ඇය ඉංග්‍රීසි හා ස්පාඤ්ඤ සාහිත්‍යය උපාධිධාරිනියෙකි. එමෙන්ම ජාත්යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත. ඇය ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්යාලයේ University of George Washington හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ Harvard University සහ ජෝන් හොප්කින්ස් විශ්ව විද්යාලයේ John Hopkins අධ්‍යයනය ලැබු විද්වතෙකි.

වර්ෂ 2015දී ඇයට වයස අවුරුදු 46 දී, ජාත්යන්තරයේ සබඳතාවන්හි ආචාර්ය උපාධිය හැදෑරූ අතර ක්‍රොඒෂියාවේ ජනාධිපතිනියද විය.

රූපයෙන් අනූන වුවද ඇය හිටපු හමුදා නිළධාරිනියෙකු වන අතට අති දක්ෂ වෙඩික්කාරියකුද වන්නීය.

2007 සිට 2011 දක්වා ඇය ඇමරිකා එක්සත් ජනපදයේ, ක්‍රොඒෂියා තානාපතිවරිය විය. ඉන්පසු ඇය NATO හි සහකාර මහ ලේකම් බවට පත් වූ ප්‍රථම කාන්තාව බවටද පත්විය.
NATO හි සේවය කරන අතරවාරයේ ඇෆ්ගනිස්තානයේ අවස්ථා කීපයකදීම සංචාරය කලේ එහි රඳවා ඇති NATO හමුදා සොල්දාදුවන්ගේ මානසික මට්ටම සහ ජවය ඉහල දැමීමටය. නේටෝ තුල ඇය හැඳින්වෙන්නේ SWAMBO ස්වම්බෝ ලෙසිනි.

සියළු දෙනාම ඇගේ අණට කීකරු විය. කිසිම විකාරයක් නැති කාන්තාවක් ලෙස හඳුන්වන ඇය සිය විවේචනය හා කැපවීම සෘජුවම ඉදිරිපත් කලේය. එනිසාම ජෝර්ජ් බුෂ් (කනිෂ්ඨ) සහ බැරැක් ඔබාමා යන ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිතිවරුන් දෙදෙනාගේම ප්‍රශංසාවටද ලක් විය.

ඇය තම පෞද්ගලික මුදලින් සාමාන්‍ය පන්තියේ ටිකට් පතක් මිලදීගෙන රුසියාවේ පැවති පාපන්දු ලෝක ශූරතාවය නැරඹීමට පැමිණි අතර සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයේ හිඳිමින් තම රටේ ක්‍රීඩකයන්ට ජය ඝෝෂා කලේය. එහිදී ඇයව හඳුනාගත් සංවිධායකයින් ඇයව ආරාධිත ප්‍රභූ නැරඹුම් කුටියට රැගෙන ගියද එහි සාමාන්‍ය නීතිය ගණනකට නොගෙන තම රටේ පාපන්දු ක්‍රීඩා ඇඳුමෙන් සැරසී සිටියේය.

එමෙන්ම තම ක්‍රීඩකයින් දහඩියෙන් පෙඟී සිටි බවද නොසලකා ඔවුන්ව වැළඳගත් අතර ක්‍රීඩාගාරයට ගොස් ඔවුන්ව ධෛර්යමත් කලේය. ලෝක ශූරතාවය තම රටට අහිමිවූ විට කඳුළු සැලූ ඇය ජයග්‍රාහී ප්‍රංශ ක්‍රීඩකයින් සහ ජනාධිපති වැළද ගනිමින් ඔවුන්ට සුභ පැතීය.

අරාබි, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ හා ඩෙන්මාර්ක් භාෂාව චතුර ලෙස කතා කරන ඇය ජර්මන්, ප්‍රක්ශ, රුසියානු හා ඉතාලි භාෂාවලින් කතා කිරීමටද සමත්‍ කම් දක්වන්නීය. රුසියානු හා ප්‍රංශ භාෂාවලින් පුටින් සහ මැක්රෝන් යන දෙදෙනාටම කතා කළාය.

සැබැවින්ම ජාතික නායකයා විය යුතු අයෙකු සතුවිය යුතු සියළුම සුදුසුකම් ඇය ඕනෑවටත් වඩා සපුරා තිබීම ක්‍රොඒෂියාවේ භාග්‍යයකි.

නාලක දේවේන්ද්‍රන්
පැරීසිය - ප්‍රංශය
17-07-2018

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();