Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බුදු දහම ප්‍රවර්ධනයට ජාත්‍යන්තර සංවිධානයක් (GBC)

GBC
ශ්‍රී ලංකාවේ බුදු දහම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපනය කිරීම අද (20) බුද්ධ ශාසන අමාත්‍යංශයේදී සිදුකෙරිණි.

ඒ සඳහා ජාතන්තරය නියෝජනය කරමින් වැඩමකරන ලද භික්ෂුන් වහන්සේ ඇතුළු මහාසංඝරත්නය සහභාගිත්වයෙන් පවත්වන ලද විශේෂ සාකච්ජාවකින් අනතුරුව මෙම ජාත්‍යන්තර සංවිධානය Global Buddhist Council (GBC) නමින් ස්ථාපනය කෙරිණි.

බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ සංකල්පයකට අනුව, ඔහුගේ ආරාධනයෙන් ආරම්භ කරන ලද මෙම සංවිධානයට ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ (ප්‍රංශය) ආචාර්ය පූජ්‍ය ටී. ධම්මරතන ස්වාමින්වහන්සේ, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ වැඩබලන ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සුමංගල නායක ස්වාමින්වහන්සේ, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිගි විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමින්වහන්සේ, අමරපුර සංඝ සභාවේ ගරු සභාපති අතිපුජ්‍ය ගන්තුනේ අස්සජි මහානායක ස්වාමින්වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහාචාර්ය පූජ්‍ය රළුවේ පද්මසිරි නායක ස්වාමින්වහන්සේ , අස්ගිරි මහා සංඝසභාවේ පූජ්‍ය ආචාර්ය තුඹුලේ සිලක්කන්ද නායක ස්වාමින් වහන්සේ, ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ගොඩකලාන ගුණරතන ස්වාමින්වහන්සේ, ස්වීඩනයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කිරිඳිගල්ලේ ධම්මරතන නායක ස්වාමින්වහන්සේ, මැලේසියාව නියෝජනය කරමින් පූජ්‍ය B. සාරානන්ද ස්වාමින්වහන්සේ, රුසියානු සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය අචාර්ය පල්ලෙකන්දේ රතනසාර ස්වාමින්වහන්සේ, සිරි වජිරාරාමාධිපති කිරිකැකුණවලේ ආනන්ද ස්වාමින්වහන්සේ, මහාබෝධි සංගමයේ විධායක සභික පූජ්‍ය රත්මලානේ පුන්යජිව ස්වාමින්වහන්සේ සහ බානගල විමලතිස්ස ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙන් ම බුද්ධශාසන අමාත්‍යංශ ලේකම් චන්ද්‍ර ප්‍රේම ගමගේ, බෞද්ධකටයුතු කොමසාරිස් නිමල් කොටවෙලගෙදර ම ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

The post බුදු දහම ප්‍රවර්ධනයට ජාත්‍යන්තර සංවිධානයක් (GBC) appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();