Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙහිවල සත්ව උද්‍යාන ආපනශාලා ටෙන්ඩරය, පණුවන් සහිත කෑම අලෙවි කළ පුද්ගලයෙකුට.

National_Movement _for_Consumer_Rights_Protectionin

දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ, ආපනශාලාවේ ටෙන්ඩරය මීට පෙර අධ්‍යාපන අමාත්‍යාශය පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි සී ආපනශාලාව අසතුටුදායක ලෙස පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට ලබා දීමට මේවන විට කටයුතු කරමින් සිටින බවත් ඔහු විසින් උක්ත ආපනශාලාවේ නිතරම වාගේ පණුවන් සහිත ආහාර අ‌ෙලවි කරනු ලබන බව මාධ්‍ය වාර්තා කළේ 2018 අප්‍රේල් මාසයේ වන බවත්  දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ මෙම ආපනශාලාවේ ටෙන්ඩරය ඔහුට පිරිනැමීමට සැරසෙන්නේ හරියටම ඉන් මාස තුනක් ඉක්මයාමට මත්තෙන් වීම පුදුම සහගත බවත් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

එම නිවේදනය පහතින්,

වනජීවී ඇමතිවරුන් අලි බලද්දී දෙහිවල සත්ව උද්‍යානයේ ආපනශාලාවේ ටෙන්ඩරය පනුවන් සහිත කෑම අලෙවි කල පුද්ගලයෙකුට

දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ ආපනශාලාවේ ටෙන්ඩරය මීට පෙර අධ්‍යාපන අමාත්‍යාශය පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි සී ආපනශාලාව අසතුටුදායක ලෙස පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට ලබා දීමට මේවන විට කටයුතු කරමින් සිටී. ඔහු විසින් උක්ත ආපනශාලාවේ නිතරම වාගේ පණුවන් සහිත ආහාර අ‌ෙලවි කරනු ලබන බව මාධ්‍ය වාර්තා කළේ 2018 අප්‍රේල් මාසයේ (ඇමුණුම 1) වන අතර දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ මෙම ආපනශාලාවේ ටෙන්ඩරය ඔහුට පිරිනැමීමට සැරසෙන්නේ හරියටම ඉන් මාස තුනක් ඉක්මයාමට මත්තෙන් වීම පුදුම සහගතය.

Paper_Cut

2018/02/19 දින සිට වසරක කාලයක් සදහා ඔහුට අධ්‍යාපන අමාත්‍යාශය පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි සී ආපනශාලාව පවත්වාගෙන යාම සදහා ලබා දුන්නද 2018/05/01 දින ලිපියක් යවමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් ඔහුගේ අසතුටුදායක සේවය මත ගිවිසුම එම ගිවිසුම අවසන්කරන බවයි. එපමණක් නොව ඔහු විසින් තබන ලද කාර්ය සාධක ඇපකරය වන රැපියල් 150000.00 මුදලද රාජසන්තක කරන ලදී. (ඇමුණුම 2) තවද එකී ටෙන්ඩර්කරු පින්නවල සත්ව උද්‍යානයේ ආපනශාලාව අසතුටුදායක ලෙස පවත්වාගෙන ගිය පුද්ගලයෙක් වශයෙන්ද මීට පෙර නම් කර ඇත.

Education_De_Letter

දහස් ගණන් පාසැල් ළමයින් ආහාර ලබා ගන්නා දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ ආපනශාලාව ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කරමින් මෙවැනි පුද්ගලයෙකුට ලබා දීමට කටයුතු කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම වන ජීවී ඇමතිවරයා හා නියෝජ්‍ය ඇමතිවරයා විසින් දැරිය යුතු බව අප සංවිධානය දැඩිව අවධාරණය කරන අතර වහාම මෙම ටෙන්ඩර්කරැට එම ටෙන්ඩරය ලබා දීම වලක්වාලන ලෙසද ඉල්ලා සිටිමු.

ස්තුතියි,
මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ- සභාපති -පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

 

The post දෙහිවල සත්ව උද්‍යාන ආපනශාලා ටෙන්ඩරය, පණුවන් සහිත කෑම අලෙවි කළ පුද්ගලයෙකුට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();