පසුගිය දිනවලදී අධිකරණයේ සහ නීතිඥවරුන්ගේ සැබෑ ස්වරුපය රටේ කතාබහකට ලක්කළ වු නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු ගේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරිමට මාසික රැස්වීමේ දී ඒකමතිකව තීරණය කළ බව හලාවත නිතිඥ සංගමය කියයි.
විවිධ අවස්ථාවල දී නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු විසින් මෙරට අධිකරණ පද්ධතියටත් විනිසුරුවරුන්ටත් මෙරට සිටින නීතිඥවරුන්ට හා හලාවත නීතිඥ සංගමයේ ඇතැම් සාමාජිකයින්ටත් අපහාස වන ලෙසින් විවිධ ප්‍රකාශ කර ඇති බවට තම සංගමයට ලද පැමිණිලි අනුව තම මාසික සභා රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත්නී, තිඥ සුගන්ධිකා ප්‍රනාන්දු විසින් කර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා ගැනීමටත් එම සංගමයේ සාමාජිකත්වය ඇති ජ්‍යෙෂ්ඨ නිතිඥවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර.එම වාර්තාව ලැබෙන තෙක් ඇගේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරිමටත් ඔවුන් විධිමත් පරික්ෂණයක් සිදුකර වාර්තාව ලබාදුන් පසු නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දුගෙන් කරුණු විමසනු බවත් සදහන් කර ඇත. තවද සාමාජිකත්වය තහනම් කර ඇති කාල සීමාව තුළ දි නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු වෙත එම සංගමය මගින් සිය සාමාජිකයින්ට ලබාදෙන කිසිදු වරප්‍රසාදයක් පහසුකම් ලබාගත් නොහැකි වන බව සදහන් කර ඇත.
The post නීතිඥ සුගන්ධිකාට තහනමක්. appeared first on Lanka News Column.
0 Comments