කටුනායක ගුවන්තොටුපලේදී ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට සිදුවන ප්‍රමාදයන් වැලැක්විම සදහා විද්‍යුත් කාඩ්පතක් හඳුන්වාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කරමින් සිටින බව වාර්ථා වේ. මේ සදහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය හා සංචාරක අමාත්‍යාංශය නියෝජනය වන පරිදි කමිටුවක් ඇමතිවරයා විසින් පත්කර ඇත. සති දෙකක් ඇතුලත අදාළ කමිටු වාර්තාව ඉදිරිපත් කරන ලෙස දන්වා ඇති අතර වාර්ථාව ලැබිමෙන් පසුව ඉක්මනින්ම ඇමති මණ්ඩලයට ඉදිරිපත්කර අනුමැතිය ලබා ගැනීමටත් ඉන් අනතුරුව ක්‍රියාත්මක කිරිමටත් ඇමතිවරයා බලාපොරොත්තු වන බව පැවසේ.
මගී තදබදය පවතින අවස්ථාවලදි ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පරික්ෂා කරන අවස්ථාවන්හිදි සිදුවන ප්‍රමාදයන් මෙම විද්‍යුත් කාඩ්පත හදුන්වාදිමෙන් පසුව සිදුනොවන බව පැවසේ. මෙම කාඩ්පතේ මගියාගේ ජායාරූපය සමග ඇඟිලි සලකුණද ඇතුලත්වන අතර ගුවන්තොටුපලට ඇතැලත් වන අවස්ථාවේදි හා පිටවීමේදි අදාල යන්ත්‍රයට කාඩ්පත ඇතුලත් කිරිමෙන් තමාටම පරික්ෂා කරගත හැක. එම නිසා මෙම කාඩ්පත භාවිතා කිරිමෙන් ආගමන විගමන නිලධාරින්ගේ පරික්ෂාවකින් තොරව ගුවන්තොටුපලට ඇතුලත්වීම හා ගුවන් තොටුපලෙන් පිටවීම සිදුකල හැක.
The post ශ්‍රි ලාංකික ගුවන් මගීන්ට E කාඩ්පතක්. appeared first on Lanka News Column.
0 Comments