Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඒරන් - පූර්ණක - සංගීත් වැඩි ගෞරව දිනති

Author(s): 
ගීෂා මුණසිංහ

මෙරට යතුරුපැදි ධාවන ශූරයන්ට දස්කම් මුවහත් කරගැනීමට අනගි අවස්ථාවක් උදාවූ හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් පළමු හොන්ඩා වන් මේක් තරගාවලියේ සියලු ගෞරව දිනා ගැනීමට ඒරන්, පූර්ණක හා සංගීත් සමත් වූහ.

“හච් ශ්‍රී ලංකා සුපර්සීරීස්” මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියට සමගාමීව පැවැත්වෙන හොන්ඩා වන් මේක් ( Honda On Make Race) යතුරුපැදි තරගාවලියේ පළමු අදියර පසුගියදා මිරීගම කැන්වේ ධාවන පථයේදී (Kanway) නිමාවට පත් විය.

එම්. කාණ්ඩයේ 700 සී.සී. ටුවරීන් අංශයේ යතුරුපැදි තරග ඉසව්වෙන් හා එම්. කාණ්ඩයේ 900-1000 සී.සී. නවිකරණය කරන ලද යතුරුපැදි තරග ඉසව්වෙන් ද්විත්ව ශූරතා හිමිකරගැනීමට පූර්ණක ප්‍රසාද් සමත්වූ අතර ඒරන් ගුණවර්ධන එම්.කාණ්ඩයේ 250 සී.සී.සුපර් ස්පොට් විවෘත යතුරුපැදි තරග ඉසව් ද්විත්වයම ජයගත්තේය. සංගීත් සූර්යගේ එස්.එම්. කාණ්ඩයේ සුපර්මෝටාඩ් විවෘත තරග ඉසව් ද්විත්වය සමත් විය.

සංගීත් සූර්යගේ ජයගත් එස්.එම්. කාණ්ඩයේ සුපර්මෝටාඩ් විවෘත පළමු තර‍ගයේ හයවැනි වටයේදී සුරාජ්ගේ යතුරුපැදිය පාලනයෙන් ගිලිහි ගොස් සිදුවු අනතුරු නිසා පස්වැන්නා දක්වා පසුපසට පසුබැසීමට සිදු විය. ජාතික තලයේ යතුරු පැදි ධාවකයෙකු වන සුරාජ් මේ වසරේදී තරගාවලියක් නියෝජනය කළ පළමු අවස්ථාව මෙය විය. හංසිකා අබේසිංහ සුපුරුදු ලෙස “ඕ” කාණ්ඩයේ 160සී.සී. නවිකරණය නොකරන ලද යතුරුපැදි තරග ඉසව්වෙන් කිසිඳු අභියෝගයකින් තොරව ජයගත්තාය.

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) හා ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය (AMRC) එක්ව හච් ටෙලිකොමිනිකේෂන් පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇති “හච් ශ්‍රී ලංකා සුපර්සීරීස්” මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ වන් මේක් තරග කාණ්ඩය යටතේ පැවැත්වෙන “හොන්ඩා වන් මේක්” තරගාවලිය සංවිධාන කළේය.

මේ තරගාවලියේ සිව්වැනි අදියර වන කමාන්ඩෝ චැලේන්ජ් සුපර්ක්‍රොස් තරගාවලිය ලබන මස 5වැනිදා ඌව කුඩා ඔය කමාන්ඩෝ පුහුණු පාසැල් ධාවන පථයේදී පැවැත්වෙයි.

තරග ප්‍රතිඵල

එෆ්. ඉසෙඩ්.160 සී.සී.යමහා වන් මේක්

1. පී.එම්. බී. පතිරණ

2. කේ.යූ. නදීශාන් මදුරංග

3. කල්හාර ප්‍රනාන්දු

එස්.එම්. 250 සී.සී. සුපර්මෝටාඩ්

1.දුෂාන් මුදලිගේ

2. සචිර රාජකරුණා

3. දේශාන් සොලංකි

ඕ.-160සී.සී.

නවිකරණය නොකරන ලද යතුරුපැදි

1. හංසිකා අබේසිංහ

2. විනුල පතිරගේ

3. නිකිල පතිරගේ

එම්. -125සී.සී.

නවීකරණය කරන ලද යතුරුපැදි

1 චතුර මධුසංඛ

2. ඩබ්ලිව්. වීරසිංහ

3. චම්පික සමරනායක

එම්. -250 සී.සී.

නවීකරණය කරන ලද සුපර් ස්පෝට්

1.එච්.ජී. නිපුන ඩිලංක

2.අෂේන් සෙන්දීර්

3.කුන්චන ද සිල්වා

හොන්ඩා වන් මේක් 160 සී.සී.

ආධුනික තරගය ‘A’

1.ඉසුරු මධුෂාන්

2.ජී.ඩබ්ලිව්.බී.සුපුන් ලක්ෂිත

3.සිවලින්ගම් ගනප්‍රකාෂ්

හොන්ඩා වන් මේක් 250සී.සී.

ආධුනික තරගය ‘A’

1.කල්හාර ප්‍රනාන්දු

2.වාගීෂ්වර රණසිංහ

3.සූර්ය කුමාර්

එම්. - 900-1000 සී.සී.

නවීකරණය කරන ලද යතුරුපැදි

1.පූර්ණක ප්‍රසාද්

2.ජේඩීන් ගුණවර්ධන

3.ප්‍රමුඛ සේසත්

එස්.එම්. සුපර්මෝටාඩ්

විවෘත පළමු තරගය

1.සංගීත් සූර්යගේ

2.සචිර රාජකරුණා

3.දේශාන් සොලංකී

එම්. කවාසාකී 250 සී.සී. වන්මේක්

1.එම්.රිස්වි.

2.ආර්.එම්. රීස්වාම්

3. එම්.රිෂාන්

එම්.-250 සී.සී.සුපර් ස්පොට්

(විවෘත) පළමු තරගය

1.ඒරන් ගුණවර්ධන

2.ජේඩින් ගුණවර්ධන

3.පූර්ණක ප්‍රසාද්

එස්.එම්. සුපර්මෝටාඩ් (විවෘත)

දෙවැනි තරගය

1.සංගීත් සූර්යගේ

2.සුරාජ් පෙරේරා

3. දුෂාන් මධුරංග

එම්. - 700 සී.සී.

ටුවරීන් අංශයේ යතුරුපැදි

1.පූර්ණක ප්‍රසාද්

2.චාරුක කුමාරකීර්ති

3.ශසික සඳරුවන්

හොන්ඩා වන් මේක් 250සී.සී.

නවක තරගය

1.කල්හාර ප්‍රනාන්දු

2. නවී පෙරේරා

3. ශීරාන් සැමුවෙල්

එම්.-250 සී.සී.

සුපර් ස්පොට් යතුරුපැදි (විවෘත) දෙවන තරගය

1.ඒරන් ගුණවර්ධන

2.පූර්ණක ප්‍රසාද්

3.චමින්ද ද සිල්වා

ඡායාරූප - ගීෂා මුණසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();