Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස් මලල ක්‍රීඩා සමස්ත ශූරයෝ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය

පොලිස් නිලධාරීන්ගේ ක්‍රීඩා දස්කම් ඔප් නැංවීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන පොලිස් මලල ක්‍රීඩා උළෙලේ දී සමස්ත ලකුණු 340ක් ලැබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය පළමු ස්ථානය දිනාගැනීමට සමත්විය.

නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ 81 වැනි පොලිස් මලල ක්‍රීඩා උළෙලේ දෙවැනි ස්ථානය දිනාගනු ලැබුවේ සමස්ත ලකුණු 295ක් ලබාගත් විශේෂ කාර්ය බළකාය විසිනි. ලකුණු 126ක් අත්කරගත් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන කණ්ඩායම තුන්වැනි ස්ථානය දිනාගත් අතර අගමැති ආරක්ෂක අංශය සමස්ත ලකුණු 67ක් ලබා සිවුවැනි ස්ථානයට පත්විය. සමස්ත ලකුණු 53ක් රැස් කළ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට පස්වැනි තැන හිමිවිය.

නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර, පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු පොලිස්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති පොලිස් මළල ක්‍රීඩා උළෙලේ හොඳම ක්‍රීඩකයා ලෙස ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ උපපොලිස් පරීක්ෂක හේමන්ත කුමාර ජයසිංහ සම්මාන දිනාගත්තේ මීටර් 1500 තරග ඉසව්ව නව තරග වාර්තාවක් සමග ජය ගනිමිනි. කාන්තා මීටර් 200 තරගය ජයගත් අගමැති ආරක්ෂක අංශයේ සචිත්‍රා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනුවාය.

පොලිස් කොට්ඨාස 60 ක් නියෝජනය කරමින් ක්‍රීඩික ක්‍රීඩිකාවෝ 4000 කට අධික පිරිසක් මේ ක්‍රීඩා උළෙලට සහභාගි වූහ. පිරිමි තරග ඉසව් 20 ක් හා කාන්තා තරග ඉසව් 18 ක් ක්‍රීඩා උළෙලට ඇතුළත් විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();